Artisan

WS Creations පසුබිම් කතාව

WS Creations පසුබිම් කතාව

සෑම පුද්ගලයෙක් තුලම තමුන්ට ආවේණික වූ කලාවක් තියෙනවා. ස්වභාවධර්මයත් සමග මුසු වීමෙන් කෞශල්‍යය දිනෙන් දින වර්ධනය වෙනවා. ලී කොටයකට පණ දෙමින් මෙවැනි අපූර්ව විසිතුරු අත්කම් ලොවට දායාද කිරීමට පුද්ගලයෙකු සතු ඉවසීම, කැපවීම වගේම අද්විතීය නිර්මාණශීලී හැකියාවද මනා පිටුවහලක් වෙනවා.

නමින් හර්ෂණ එෂාන් වන ඔහු කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ පළමු වසර ශිෂ්‍යයෙක් ලෙසයි අධ්‍යාපනය හදාරන්නේ. ලීයක් පණ පොවමින් ආලින්දය හැඩ කරවන සොඳුරු අත්කම් නිර්මාණයට කුඩා කල සිටම ඔහු තුල වූයේ සහජ හැකියාවක්. දැව කොටසකින් කොතරම් අපූරු දේ මවන්නට ඔහු සමත්ද යන්න ඡායාරූප වලින් මනාව පසක් කරනනේ සියුම් කැටයම් යොදමින් මවන අපූරු රූප කොතරම් ලස්සන නිර්මාණ ලෙස අපට දැක ගැනීමට හැකිවනවාද කියායි.

ප්ලාස්ටික් නිර්මාණ තුලින් අපේ ආලින්දය හැඩකර ගන්නට වෙර දරන වත්මන් සමාජයක ලී වලින් තැනූ විසිතුරු අත්කම් නිර්මාණ වලට මෙවැනි තරුණයන් යොමු වීමම භාග්‍යයක්. පොල් ලීයෙන් තැනූ කදිම බන්දේසි වගේම විවිධ ලීවර්ග වලින් තැනූ ගිටාර රඳවන, මේසය මත තැබිය හැකි භාණ්ඩ වැනි අපූරු නිර්මාණයන් දායාද කිරීමට ඔහු සමත් වෙලා තියෙනවා.පසුගිය වසරේ උඳුවප් මාසයේදී තම ව්‍යාපාරයට මුල් පියවර තබන මොහු අද වන විට විවිධාකාර නිර්මාණ රැසක් දායාද කිරීමට සමත් වෙලා තියෙනවා. ලොවපුරා මිනිසුන් නොදිරන ප්ලාස්ටික් ගෙවල් වල ගොඩ ගසාගන්නා යුගයක මෙවැනි ලීයකට පණ පොවන අපූර්ව තරඟයක් මුණ ගැසීමට ලැබීමත් භාග්‍යයක්.

දිනෙන් දින වැඩිවන කොවිඩ් වසංගතය හමුවේ තම ව්‍යාපාරයට යම් යම් පසුබෑම් සිදුවුවද, ප්ලාස්ටික් රකුසාගෙන් ලොව මුදවා පරිසර හිතකාමී මෙවැනි නිර්මාණ කෙරෙහි ලෝවාසී ජනයාගේ කැමැත්ත වැඩිවීම ඔහුගේ නිෂ්පාදන වලට හොඳ ඉල්ලුමක් ලැබීමට ආශිර්වාදයක් වෙතැයි සිතනවා.

ආර්.එම්.සඳුනි තිලෝක්ෂිකා
ව්‍යවහාරික විද්‍යා පීඨය
රජරට විශ්වවිද්‍යාලය

More projects

Blog

ocean pollution

Only after the last tree has been cut down, Only after the last river has been poisoned, Only after the last fish has been caught, only then you will find …

1 min read

Blog

It’s time to change

Over 300 million tons of plastic are produce every year for use in a wide variety of application. Plastic pollution threatens food safety and quality, huma…

1 min read