We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

Warna creations පසුබිම් කතාව

Warna creations පසුබිම් කතාව

වෛරස  හෑම  මීටරයේ    < දුර >     තියලා

ඇතැමෙක් නොදුටු පැති හරිහැටි හරවාලා

කර්මයෙ පුවත ටොකු ලෙස ඉඟි කරවාලා

සත්‍යයකි, නැතිය  පණ තරමට   මිණි මාලා

ආදර  සොබා  මව්  වෙත  සිත්   අද්දාලා

නිදි  හුන්   විසල්  විස්කම්   ඇහැ-රවාලා

කිව යුතු යමකි, නුවණින් හැම අමතාලා

තවකෙක් දුටුව රන් අසුනකි ය, කොරෝනා..

 

මුළු ලෝකයක් ගිලගන්න දඟලන වෛරසක් එක්ක හැප්පෙන්න ගොඩක් රටවල, ගොඩක් දෙනෙක්ට මහා පරිමාණයෙන් ලොකු ලොකු වෙනස්කම්වලට මුහුණ දෙන්න වුණා.

ලංකාවේ අපිත් ඒ අතරෙ උඩින්ම හිටියා සහ තවමත් ඉන්නවා .

ඉතින් .. කොරෝනා වසංගතේ නිසා ගෙදරටම වෙලා ඉද්දි හරි අපූරු අදහසකට අනුව පරිසර හිතකාමී ව්‍යාපාරිනියක වීමට භාග්‍යය ලද අපේ දිරිය කතක් ගැන කතා කරන්නට තමයි zero plastic අපේ මේ සූදානම.

නොහිතන, නොපතන දේවල්ම ලැබෙන දෛවය කියන්නෙත් හරි අමුතුම දෙයක්..

වෘත්තියෙන් ගුරුවරියක වන මේ දිරිය කාන්තාව නමින් ඩී.කේ.උඩුපිහිල්ල.

උපතින්ම හිමි කලාත්මක හැකියාවන්ට අනුව තමා විසින්ම තැනූ දැවමය නිර්මාණයක් තම මිතුරකුට උපන් දින ත්‍යාගය ලෙස දීමකදී, එම නිර්මාණය දුටු අනෙක් මිතුරන් ද එවැනි නිර්මාණ ඇගෙන් ඉල්ලා සිටි අතර ක්‍රම ක්‍රමයෙන් ඒවා බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වී ඇත.

තමාගේ ව්‍යාපාරයට මූලික අඩිතාලම සෑදුණු අයුරු අපිට ඇය කීවේ එසේයි.

වැඩි පිරිසක් අතර මෙම නිර්මාණ ප්‍රසිද්ධ වන බවක් වටහා ගත් ඇය ,මීට වසර එකහමාරකට පමණ පෙර ඇගේ ව්‍යාපාරය ආරම්භ කළා. සමාජමාධ්‍ය ජාලා හරහාත් තම නිෂ්පාදන පිළිබඳව අන් අය දැනුවත් කළා.

වසංගතයක් නිසා රටේ හැමදේම අඩාල වෙද්දි, කවුරුත් දැඩි මානසික පීඩනයක් දරාගෙන ගෙදරට වෙලා නිකන්ම ඉද්දි,   තමන්ගේ හැකියාවත් එක්ක ඇය හරි ආසාවෙන් තම කාලය හා ශ්‍රමය වැය කරමින් ව්‍යාපාරය දියුණු කරන්නට දිරි ගත්තා.

කොරෝනාවට නොදෙවෙනි පොලිතින්, ප්ලාස්ටික් වෛරසයත් අද වනවිට ලෝකයටම දරුණු ගණයේ හිසරදයක් වී හමාරයි.ඒ අනුව, නවීන පන්නයට ඔබින ලෙස සේම ඉතාමත් පරිසර හිතකාමී ලෙස, එකීපොලිතින්, ප්ලාස්ටික් සඳහා ආදේශක ලෙස මෙම ව්‍යාපාරයේ නිෂ්පාදන අතරින්  wooden gift items, kitchen items, stools ,tables ඇතුළු වතවත්  නිර්මාණ රැසක් අපට ලබා ගත හැක.

නොදැරිය හැකි කුණු කඳු ගණන් පමණක්ම  මහ පොළොවට තෑගි කරනඅපේ මිනිස්සු මෙවැනි ආදේශක වලට යොමු වූවා නම් එය ඔබේත් මගේත්සේ ම අප මතු පරපුරෙත් අනාගත සුබසිද්ධිය උදෙසා ගතහැකි නැණවත්සේම මානුෂීය තීරණයක් ලෙස දැක්විය යුතුය. මෙම වටිනා නිෂ්පාදන පෙළ හඳුන්වා දීමට zero plastic අපෙන් අද ඉඩක් වෙන් වන්නේද මෙකීවගකීමට දායකත්වයක් ලෙසිනි.

ඉතින් යහළුවෙකුට දුන් පුංචි තෑග්ගෙන් පටන් ගත්තත් මේ වෙන විට පවුලෙ අයට අමතරව සේවකයින් තිදෙනෙකුද සහිතව මේ කටයුත්තකරගෙන යන බව තමයි ඇය අපට කීවෙ. හරි ඉක්මනින් බොහෝ දෙනෙක්අතරට තම ව්‍යාපාරය ගොස් ඇති බව ඇය අපට කීවෙ හරිම සතුටින්.

ඉතින් ඇය වෙලදසැලකට ගොස් එදා තම මිතුරාට මොන යම් හෝ දෙයක් මිලදී ගෙන තෑගි කළා නම් ඇයට මේ ගමන එන්නට නොහැකි වන්නට තිබුණා, මෙවන් ව්‍යාපාරයක් අපි අතරට නොඑන්නට තිබුණා. ඇය ගුරුතුමියක් පමණක්ම වන්නට තිබුණා.

නමුත් දැන් ඇය ගුරුවරියක් සේ ම ව්‍යාපාරිනියක් වෙලා..

රටක් වැඩ අත් හල මොහොතක, තම හැකියාව භාවිතා කොට ඇය සිදුකළ පුංචිම පුංචි යමකින් ඇගේ ජීවිතයේ විශාල වෙනසක් සිදුවෙලා.

අන්න ඒකයි මං මුලින් ම කීවෙ,

වෛරස  හෑම  මීටරයේ    < දුර >     තියලා

තවකෙක් දුටුව රන් අසුනකි , කොරෝනා..

ඉතින් හිතන්න! හොඳින් හිතන්න!  සියලු වෛරස මීටරයේ දුර තියලා ඔබෙත් රන් අසුන හොයන්න අදම මේ දැන් ම හිතන්න!

ඇබ්බැහි වෙන්න! මේ මහ පොළොවට ආදරය කරන්න !