Artisan

NJ Arts පසුබිම් කතාව

පොල් කටුවෙන් ලොවදිනුමට

ලොව පුරා විහිදී ඇති අති විශාල වූ ශාක ගහනය අතුරින් මිනිසාට මෙන්ම අනෙකුත් සතුන්ටද වඩාත්ම ප්‍රයෝජනයක් ගෙන දෙන ශාකය කුමක්දැයි ඔබ ප්‍රශ්න කලහොත් නිසැකවම ඕනෑම අයෙකුගේ පිළිතුර වනුයේ කප් රුක හෙවත් පොල් ගසයි..
පොල් ගසේ ප්‍රධානතම අංගයක් වන පොල් ගෙඩියේ මදය කොටස වෙන් කර ලබා ගත් පසු බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ පොල් කටුව ඉවත් කර දැමීමටයි..නමුත් බදුල්ල හාළිඇල ප්‍රදේශයේ ජීවත් වන නජිත් නිශාන්ත මහතා කදිම උපායශීලී ක්‍රමෝපායන් භාවිතා කරමින් ඉවත ලන පොල්කටු ඇසුරින් ඉතාමත් අගනා ව්‍යාපාරයකට මුලපුරා තිබීම අගය කළ යුතුම කර්තව්‍යයක් ලෙස හදුන්වන්නට පුළුවන්…

ලෝකය පුරා නොදිරන කෘත්‍රිම ප්ලාස්ටික් භාවිතය නිසා මිනිසුන් මෙන්ම සතුන් සහ පරිසර පද්ධතීන්ද ඉමහත් අපහසුතාවයකට සහ දූෂණයට ලක් වී ඇති සමයක තමා කරමින් සිටි නාවික හමුදාවේ රැකියාවෙන් 2016 වසරේදී විශාම ගත් නිශාන්ත මහතා තම බිරිඳගේ සහයෝගයද ඇතිව මුළුතැන්ගෙයි, මෙන්ම ගෘහාශ්‍රිතව භාවිතා කරන බොහෝමයක් උපකරණ පොල්කටු ඇසුරින් නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත. පොල්කටු හැන්දේ පටන්, බිත්ති ලාම්පු,කුළු බඩු රඳවන, විවිධ හැඩයන්ගෙන් යුත් හැඳි ගෑරුප්පු, කෝප්ප වර්ග, ඉටි පන්දම් රඳවන, සබන් රඳවන මෙන්ම කාන්තා ආභරණයන් වන මාල, පෙන්ඩන්ට්, වළලු හා නිවසක් අලංකාර කිරීමට යොදා ගන්නා සියලුම විසිතුරු භාණ්ඩයන් නිශාන්ත මහතා විසින් තමන්ගේම නවීන ක්‍රමෝපායන් භාවිතා කරමින් නිෂ්පාදනය සිදු කරයි.

විවිධ වූ වැලිකොල කඩදාඩි භාවිත කරමින් පොල්කටු මැදීමකට ලක් කරමින් ඉතා මනා ස්වභාවික ඔපයක් ලබා ගන්නා නිශාන්ත මහතා පවසා සිටින්නේ දේශීය මෙන්ම විදේශීයයන් වඩාත් රුචිකත්වයක් දක්වන්නේ තීන්ත ආලේප කරන ලද පොල්කටු ආශ්‍රිත නිර්මාණය වලට නොව ස්වභාවික පොල් කටුවේ වර්ණයෙන්ම යුත් ඔප දැමූ නිර්මාණයන්ට බවයි.

තම ව්‍යාපාරයේ මුල් පියවර ලෙස ඇල්ල ප්‍රදේශය අවට සංචාරක ව්‍යාපාරයේ යෙදුන නිශාන්ත මහතා ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ විදේශීය ගැනුම්කරුවන්ට තම භාණ්ඩ අලෙවි කිරීමට පටන් ගෙන ඇත. ඉන් නොනැවතුනු ඔහු තමන්ගේම ව්‍යාපාරික ස්ථානයක් ඇල්ල ප්‍රදේශයේ පිහිටුවාගෙන ව්‍යාපාරයන් ඉදිරියට පවත්වාගෙන යාමට 2019 වර්ෂයේදී මුල පුරා තිබේ.
ඔහුගේ මෙම පරිසර හිතකාමී ව්‍යාපාරයේ මීලඟ හැරවුම් ලක්ෂය වන්නේ විදේශීය වෙළඳපොල සහ සම්බන්ධ වීමයි. 2019 වර්ෂයේ අග භාගය වන විට නිශාන්ත මහතා බෙල්ජියමට තම පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම අරඹා ඇති අතර මේ වන විට කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් රැසකද ඔහු තම විදේශීය වෙළඳපොළ නිර්මාණය කරගෙන තිබීම ඉතා අගනා කරුණකි.

කෝවිඩ් වසංගතය හමුවේ ව්‍යාපාරයේ යම් පසුබෑමක් සිදු වුවද පරිසර හිතකාමී සහ ප්ලාස්ටික් ව්‍යසනයට කදිම විසඳුමක් ලෙස මෙම පොල්කටු ආශ්‍රිත නිෂ්පාදනන් ලෝවාසී මිනිසුන් අතර ජනප්‍රියත්වයට පත් වෙමින් පවතින බැවින් නිශාන්ත මහතා පවසන්නේ පොල්කටු අශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරයන්ගේ ඉදිරි දැක්ම සුබවාදී බවයි.

කුසල් සෙනරත් බණ්ඩාර
කෘෂිකර්ම පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

More projects

Artisan

WS Creations පසුබිම් කතාව

සෑම පුද්ගලයෙක් තුලම තමුන්ට ආවේණික වූ කලාවක් තියෙනවා. ස්වභාවධර්මයත් සමග මුසු වීමෙන් කෞශල්‍යය දිනෙන් දින වර්ධනය වෙනවා. ලී කොටයකට පණ දෙමින් මෙවැනි අපූර්ව විසි…

1 min read

Blog

ocean pollution

Only after the last tree has been cut down, Only after the last river has been poisoned, Only after the last fish has been caught, only then you will find …

1 min read