Artisan

Lion kithul wood පසුබිම් කතාව

Lion kithul wood පසුබිම් කතාව

 

Lion Kithul wood යනු කිතුල් ලීය ආශ්‍රිත නිෂ්පාදන පාදක කරගත් පරිසර හිතකාමී ව්‍යාපාරයකි.දැනට දේශීය මෙන්ම විදේශිය වෙළඳ පොළ තුළද ඔවුන්ගේ ව්‍යාපාරය ප්‍රචලිතය.ගාල්ලේ දික්කුඹුර කහදකන්ද නම් සුන්දර ප්‍රදේශයක වෙසෙන මනරන්ජනී නම් මහත්මිය ඇයගේ සැමියාගේ රැකියාව අහිමි වීමත් සමඟ ඔහුගේ ඇති හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කිරීමට පටන් ගෙන ඇත.ඔවුන්ට තිබූ එකම ආදායම් මාර්ගය නැතිවී යන අවස්ථාවක ඔවුන්ගේ ජීවන මගට සහය වන එකම ව්‍යාපාරය මෙයයි.සොබාව දහම ට කිසිදු හානියක් නොකර මැරුණු කිතුල් ගස් උපයෝගී කරගෙන මොවුන් තම අනර්ඝ නිෂ්පාදන සිදු කරයි.ඒ අතර හැදි,සබන් පෙට්ටි වැනි නිර්මාණ අසූවකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ දෑතින් නිමවෙයි.

කොළඹ ගුඩ් මාකට් සහ බත්තරමුල්ල දියත උයන යන ප්‍රදේශවල ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම මගින් නව ව්‍යාපාර මාර්ගයක් ඔවුන්ට විවර වුණි.ඒ සමගම ගාලුකොටුවේ නිෂ්පාදන අලෙවි කිරීමට ඉඩ සලසා ගැනීමත් සමඟ හෝටල් ක්ෂේත්‍රයේ මෙන්ම සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට ඔවුන්ගේ නිෂ්පාදන වලට හැකි විය.පසුව ඔවුන් තම නිෂ්පාදන අපනයනය කිරීම මගින් තවදුරටත් ව්‍යාපාරය සාර්ථක කිරීමට ඉඩ සැලසුණි.ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන මෙය සිය පවුලේ ආර්ථිකය නගා සිටු වීමට දැන් ඔවුන්ට හැකියාව ලැබී ඇත.ඉතින් පරිසර හිතකාමි මෙවන් නිර්මාණ එදිනදා ජීවිතයේ පරිභෝජනයට ගනිමින් ඔවුන්ට අත්වැලක් සැපයීම සොබාදහම වෙනුවෙන් ඉටුකරන ඔබෙත් මගෙත් වගකීම නොවේද? Lion kithul wood යනු කිතුල් ලීය ආශ්‍රිත නිෂ්පාදන පාදක කරගත් පරිසර හිතකාමී ව්‍යාපාරයකි.දැනට දේශීය මෙන්ම විදේශිය වෙළඳ පොළ තුළද ඔවුන්ගේ ව්‍යාපාරය ප්‍රචලිතය.ගාල්ලේ දික්කුඹුර කහදකන්ද නම් සුන්දර ප්‍රදේශයක වෙසෙන මනරන්ජනී නම් මහත්මිය ඇයගේ සැමියාගේ රැකියාව අහිමි වීමත් සමඟ ඔහුගේ ඇති හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කිරීමට පටන් ගෙන ඇත.ඔවුන්ට තිබූ එකම ආදායම් මාර්ගය නැතිවී යන අවස්ථාවක ඔවුන්ගේ ජීවන මගට සහය වන එකම ව්‍යාපාරය මෙයයි.සොබාව දහම ට කිසිදු හානියක් නොකර මැරුණු කිතුල් ගස් උපයෝගී කරගෙන මොවුන් තම අනර්ඝ නිෂ්පාදන සිදු කරයි.ඒ අතර හැදි,සබන් පෙට්ටි වැනි නිර්මාණ අසූවකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ දෑතින් නිමවෙයි.

කොළඹ ගුඩ් මාකට් සහ බත්තරමුල්ල දියත උයන යන ප්‍රදේශවල ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම මගින් නව ව්‍යාපාර මාර්ගයක් ඔවුන්ට විවර වුණි.ඒ සමගම ගාලුකොටුවේ නිෂ්පාදන අලෙවි කිරීමට ඉඩ සලසා ගැනීමත් සමඟ හෝටල් ක්ෂේත්‍රයේ මෙන්ම සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට ඔවුන්ගේ නිෂ්පාදන වලට හැකි විය.පසුව ඔවුන් තම නිෂ්පාදන අපනයනය කිරීම මගින් තවදුරටත් ව්‍යාපාරය සාර්ථක කිරීමට ඉඩ සැලසුණි.ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන මෙය සිය පවුලේ ආර්ථිකය නගා සිටු වීමට දැන් ඔවුන්ට හැකියාව ලැබී ඇත.ඉතින් පරිසර හිතකාමි මෙවන් නිර්මාණ එදිනදා ජීවිතයේ පරිභෝජනයට ගනිමින් ඔවුන්ට අත්වැලක් සැපයීම සොබාදහම වෙනුවෙන් ඉටුකරන ඔබෙත් මගෙත් වගකීම නොවේද?

Store link – https://zeroplastic.lk/store/lion-kithul-wood/

More projects

Artisan

Story of Furniture hut

This article is based on the business named Furniture Hut, which was discovered through social media on its journey to find replacements for plastic produc…

1 min read

Artisan

Furniture Hut පසුබිම් කතාව

Zero Plastic සමූහය මගින් ප්ලාස්ටික් වලින් තොර දේශයක් ගොඩනැගීම සදහා, ප්ලාස්ටික් ද්‍රව්‍ය වෙනුවට භාවිතා කල හැකි ආදේශක සොයමින් යන ගමනේ සමාජ මාධ්‍යය ඔස්සේ සොයා…

2 min read

Artisan

Story of Lion Kithul

Lion Kithul wood is an industry which is based on Kithul palm tree. They are producing about 80 eco-friendly plastic alternative products including Kithul …

2 min read