Blog

Environmental Sustainability

Environmental Sustainability

පාරිසරික තිරසාරත්වය🌳🍃

තිරසාරත්වය යනු අනාගත පරම්පරාවන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කිසිදු බාධාවක් නොමැතිව වත්මන් අවශ්‍යතා සපුරාලීමේ හැකියාවයි. තිරසාරත්වය පිළිබඳ කතිකා කිරීමේදී එය පැතිකඩ තුනක් ඔස්සේ හඹායයි. ඒ ආර්ථික,පාරිසරික හා සමාජීය යන අංශයි. මෙහිදී “පාරිසරික තිරසාරත්වය” අනෙක් අංශවලට වඩා කැපී පෙනේ. නමුදු තිරසාරත්වය පවත්වා ගැනීමට නම් ඉහත කී අංශ තුනෙහිම තුලිතතාවය පැවතිය යුතුය.

මෙහිදී “පාරිසරික තිරසාරත්වය” තිරසාර සංවර්ධනය තුළ දක්නට ලැබෙන්නා වූ මූල බීජයයි. මන්දයත් තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට නම් පාරිසරික තිරසාරත්වය ඉටුවිය යුතුමය. මෙහිදී පරිසරයට හානියක් නොවන පරිදි හා අනාගත පරම්පරාවන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කිසිදු බාධාවක් නොමැති වන පරිදි වත්මන් අවශ්‍යතා සපුරාලීම සිදුවිය යුතු ය. රටක් තම සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේදී පරිසරයට හානියක් නොවන පරිදි සිදු කරන්නේ නම් එහි පාරිසරික තිරසාරත්වය සාක්ෂාත් වේ. මෙහිදී ව්‍යාපාර ආයතන විසින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම,4R Method භාවිත කිරීම,පොලිතීන් භාවිතය අවම කිරීම වැනි ක්‍රියාමාර්ග සිදුකරයි. එසේම වන රෝපණයට දායක වෙමින් පාරිසරික තිරසාරත්වය සාක්ෂාත් කර ගැනීමට ද කටයුතු කරයි.

දිනක් හෝ ජීවත් වීමට අයිතිය ලබාදෙන සොබාදහමේ අපූරු නිමැවුම වන තුරුලතා ආරක්ෂා කර ගැනීම අප සතු යුතුකමකි. සංවර්ධන ඉලක්ක කරා ලඟා වීමේදී පරිසරයට සිදුවන බලපෑම් අවම මට්ටමක තබා ගන්නේ නම් එය “පාරිසරික තිරසාරත්වය”සාක්ෂාත් වූ තිරසාර සංවර්ධනයක් වනු නොඅනුමාන ය.

Description by: Ishan Indunil ✨| Faculty of Management ✨

Post designed by: Prabhavi Pathiranage ✨| Faculty of Arts ✨

More projects

Blog

World paper bag day

ලෝක කඩදාසි බෑග දිනය වෙනුවෙනි…🛍 අපි සෑම වසරකම ජූලි 12 වන දින ලෝක කඩදාසි බෑග් දිනය සමරන්නෙමු.එය කඩදාසි බෑගය සැමරීම සඳහා කැප වූ දිනයක් මෙන්ම තිරසාරභාවය සහ පා…

2 min read

Projects

Eco Boost 2.3

Environmental pollution from lunch sheets is a significant issue today, but an innovative solution has emerged in the form of the Easy Food Packet. We are …

1 min read

Projects

What is hapenning in Pacific Ocean?

he Great Pacific Garbage Patch 🌊: a massive accumulation of plastic threatening marine life. Let’s take action to protect our oceans! 🐠🐢

1 min read