Artisan

Craft world පසුබිම් කතාව

Craft world පසුබිම් කතාව

එදිනෙදා ජීවිතයේදී අප විසින් නිරන්තරයෙන් ප්රයෝජනයට ගැනෙන පුවත්පත් කඩදාසි යොදා ගනිමින් අගනා නිර්මාණයන් රැසක් බිහි කිරීමට හැකි බව ඔබ දන්නවාද?
Craft world යනු එලෙස අපතේ යන පුවත්පත් කඩදාසි යොදා ගනිමින් සාදන නව නිපැයුම් රැසක් බෙදා හරින පරිසර හිතකාමී ව්‍යාපාරයකි. පේරාදෙණිය අමරවංශ මාවතෙහි පදිංචි ගයාන් මහතා Craft World හි තනි අයිතිකරු වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවයේ නියැලී සිටි ඔහු ඉන් සමු ගන්නේ ඔහුගේම ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් යුතුවය. දෙදරු පියෙකු වන ගයාන් මහතා පැවසුවේ ඔහුගේ දරුවන් ගැන මෙන්ම රටේ අනාගත පරපුර ගැනද සිතා සමාජයට හොඳ, ගුණාත්මක නිෂ්පාදනයන් ලබා දීම ඔහුගේ ප්‍රධාන අරමුණ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස පුවත්පත් කඩදාසි හා බතික් වර්ණක යොදා ගනිමින් තම නිෂ්පාදන සකස් කරන අතර මේ වන විට පැන්සල් රදවන, කෝප්ප රදවන, විවිධ කූඩ, සමරු සිහිවටන, සුභ පැතුම්පත්, ඡායාරූප රාමු වැනි අගනා නිර්මාණයන් රැසක් බිහි කිරීමට ඔහුට හැකි වී ඇත. මෙම නිෂ්පාදන 100% ජල ප්‍රතිරෝධී වන අතර ප්ලාස්ටික් වෙනුවට විකල්පයක් ලෙස දිගු කාලයක් භාවිතයට ගත හැකිය.

ගයාන් මහතා මෙම නිෂ්පාදන සැකසීම හා බෙදා හැරීම සියල්ල සිදු කරන්නේ ඔහුගේම නිවසේ සිටය. මීට අමතරව තම නිවස අවට සිටින රැකියා විරහිත කාන්තාවන් 20කට ආසන්න පිරිසක් ඔහුගේ සහායට සිටින අතර ඔවුන්ගේ නිවෙස් වල සිටම ඔවුන් ගයාන් මහතා යටතේ සේවය කරයි.
මේ වන විට Embark වෙළඳ සන්නාමය යටතේ ලියාපදිංචි වී ඒ හරහා ද තම නිෂ්පාදන අලෙවි කිරීමට ඔහුට අවස්ථාව ලැබී ඇත්තේ ඔහුගේ සුවිශේෂී නිර්මාණශීලීත්වය හේතුවෙනි. ඒ හරහා ඔහුගේ නිර්මාණ වලට දේශීය මෙන්ම විදේශීය ආකර්ෂණයද ලැබෙමින් පවතී. එසේම Craft World ෆේස්බුක් පිටුව හරහා ද විදේශීය ජාතිකයන් හට ඔහුගේ නිෂ්පාදන අලෙවි කිරීමට ඔහුට හැකිවී ඇත.

මෙලෙස පියවරෙන් පියවර සාර්ථක ලෙස ඉදිරියට යමින් සමාජයට හොඳ, ගුණාත්මක පරිසර හිතකාමී නිෂ්පාදනයන් ලබා දීම ඔහුගේ එකම අරමුණයි. ඉතින් තම රටෙහි ආර්ථිකයට අත්වැලක් වෙමින් තමාගේම ගමනක් යන ඔහුගේ උත්සාහය අප අගය කළ යුතුමය. ප්ලාස්ටික් භාවිතය වෙනුවට පරිසර හිතකාමි මෙවන් නිර්මාණ එදිනදා ජීවිතයේ පරිභෝජනය සදහා මිල දී ගනිමින් ඔහුට අත්වැලක් සැපයීම ඔහුගේ එම උත්සාහයට අප දෙනු ලබන මහගු වටිනාකමකි.

More projects

Artisan

NJ Arts පසුබිම් කතාව

පොල් කටුවෙන් ලොවදිනුමට ලොව පුරා විහිදී ඇති අති විශාල වූ ශාක ගහනය අතුරින් මිනිසාට මෙන්ම අනෙකුත් සතුන්ටද වඩාත්ම ප්‍රයෝජනයක් ගෙන දෙන ශාකය කුමක්දැයි ඔබ ප්‍රශ්න…

2 min read

Artisan

WS Creations පසුබිම් කතාව

සෑම පුද්ගලයෙක් තුලම තමුන්ට ආවේණික වූ කලාවක් තියෙනවා. ස්වභාවධර්මයත් සමග මුසු වීමෙන් කෞශල්‍යය දිනෙන් දින වර්ධනය වෙනවා. ලී කොටයකට පණ දෙමින් මෙවැනි අපූර්ව විසි…

1 min read

Blog

ocean pollution

Only after the last tree has been cut down, Only after the last river has been poisoned, Only after the last fish has been caught, only then you will find …

1 min read