We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

මුළුතැන්ගෙට නව මානයක් එක්කළ දිරිය කත

මුළුතැන්ගෙට නව මානයක් එක්කළ දිරිය කත

ප්ලාස්ටික් වලින් තොර දේශයක් උදෙසා නිරතුරුව කටයුතු කරන Zeroplastic අපේ මේ සූදානම තම ආදරණීය සැමියාගෙන් ලද ආභාසයෙන් පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක හිමිකාරිනියක් වූ ධෛර්යවන්ත කාන්තාවක් ගැන කතා කිරීමටයි.

නමින් නදීශා වන ඇය පැවසූයේ ඇයට කිසිවිටකත් එවැනි එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් නොතිබුණු බවයි.නමුත් ඇය තුළ පැවති ආසාව හා දක්ෂතාවය නිසා ඇය මේ වන විට මුළු මහත් සමාජයටම ආදර්ශමත් කාන්තාවක් වී හමාරයි.

මෙතෙක් ආ ගමන් මඟ මතකයට නගමින් ඇය සදහන් කරන ලද්දේ තම ආදරණීය සැමියා ලී කොටයකින් අපූරු සිතුවම් මවන අයුරු නිරන්තරයෙන් බලා සිටින විට ඇයටත් මේ කලාව ඉගැනීමට යම් ආසවක් ඇති වූ බවයි.එම ආසාවත් සමඟම ඇය තුළ සැඟවී තිබූ කලා හැකියාව දිනෙන් දින වර්ධනය වන්නේ ඇයටත් නොදැනිමයි.

අවවාදයට වඩා ආදර්ශය උතුම්‍ ය යන කියමන මනාව ඔප්පු කරමින් නදීශා මහත්මිය පළමුව කරන ලද්දේ ඇයගේ නිවසේ මේ වන තෙක් පැවති ප්ලාස්ටික් මුළුතැන්ගෙය උපකරණ වෙනුවට ඇය විසින්ම නිපදවන ලද හුරුබුහුටි හැදි,ගෑරුප්පු,කපන ලෑලි හා ලී පිඟන් ආදේශ කිරීමයි.

ඇයගේ මේ අපූරු භාණ්ඩ පෙළ දුටු ඇගේ නෑදෑ හිතමිතුරන්ගෙන් ඇයට ලැබුනේ නොමද ප්‍ර්‍රශංසාවකි.එයින් ලැබුනු දිරි ගැන්වීමෙන් ඇය තීරණය කරන්නේ තමන් සතු හැකියාවෙන් නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කිරීමටයි.

ඇය මෙසේ ආරම්භ කළ ව්‍යාපාරය දැනට පුරා වසරක් පරිසර හිතකාමී පාරිභෝගිකයන් වෙනුවෙන් නිෂ්පාදන රැසක්ම වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරමින් පවතියි.නදීශා මහත්මිය පැවසූයේ මේ සියලුම නිෂ්පාදන වල සැලසුම් සකස් කරන්නේ ද තමන් විසින්ම බවයි.ඇය කොතරම් දක්ෂ කලාකාරිණියක් ද යන්න ජායාරූප මගින් අපිට මනාව පිළිබිඹු වෙයි.

ඇයගේ මේ අපූරු ලී නිමැවුම් අතර ලී වංගෙඩි, කේක් ස්ටෑන්ඩ්, සුප් කෝප්පය හා ලී හැන්ද, ලී තෙල් හැදි, ලී ප්ලේට් ,ලී හැදි හා ගෑරුප්පු මෙන්ම ලී වලින්ම නිපදවන ලද කුඩා සෙල්ලම් බඩු ද වෙයි.

මේ වන විට සමාජ මාධ්‍යජාලා හරහා තම ව්‍යාපාර කටයුතු කරගෙන යමින් සිටින නදීශා මහත්මිය අපට පැවසූයේ ඇයගේ එකම බලාපොරොත්තුව වන්නේ ගුණාත්මක බවින් ඉහළ නව නිෂ්පාදන පාරිභෝගික ප්‍රජාවට ලබා දීම බවයි.අවසාන වශයෙන් ඇය පවසන ලද්දේ ඇගේ මෙම ගමන මෙතරම් දුරට සාර්ථක කර ගැනීමට ඇයගේ ආදරණීය සැමියාගෙන් ලැබුනු ඒ ආභාසය හා පන්නරය මෙන්ම ඇගේ හිතවතුන්ගෙන් මෙන්ම ඇගේ භාණ්ඩ මිල දී ගන්නා සියලු දෙනාගෙන් ම ලැබුනු සහයෝගය හා දිරි ගැන්වීම මහත් රුකුලක් වූ බවයි.

දුර දිග නොබලා ගන්නා තීරණ හේතුවෙන් ප්ලාස්ටික් රකුසා මුළු ලෝකයම වෙලාගෙන සිටින මෙවැනි අවස්ථාවක වෙනස්ම ආරෙකින් සිතා බලා ස්වෝත්සාහයෙන් නැගී සිටින මෙවැනි දිරිය කාන්තාවක් මුන ගැසීමට ලැබීමත් භාග්‍යයකි.යහපත් වූ අරමුණකින් පවත්වාගෙන යන ඇගේ මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණු වී ඇයට තව තවත් පරිසර හිතකාමී නව නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා යි යන්න Zeroplastic අපේ එකම පැතුමයි .

ඔබ මේ මොහොතේ ගන්න තීරණයකින් ඇති වන ඵලය දශක ගණනාවක් යන තුරුත් මේ මිහිතලය මත රදා පවතියි.එන්න! අපි එකතු වෙමු!මිහිතලය රැක ගනිමු!

ඉරෝෂිකා සෝමතිලක
ඉංජිනේරු පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය