We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

පරිසරය රකින්නට, ක්‍රිකට් කියාදුන් අපූරු පාඩම…

පරිසරය රකින්නට, ක්‍රිකට් කියාදුන් අපූරු පාඩම…

ඔබ ක්‍රිකට් ලෝලියෙකු නම් මේ දිනවල පැවැත්⁣වෙන 2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය සමඟින් උන්මාදයට පත් වී ඇති බව නොඅනුමානයි.
විශේෂත්වය වන්නේ ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් MAS holdings ආයතනය විසින් නිර්මාණය කර තිබීමයි.
ඔබ දන්නවාද , පැයකදී ගෝලීයව අප විසින් පරිසරයට මුදා හරින ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය මිලියන 2.5කට ආසන්න බව, එනම් වසරක් තුලදී ප්ලාස්ටික් බෝතල් බිලියන 22ක් පමණ ප්‍රමාණයක් පරිසරයට මුදා හරී. එලෙස පරිසරයට එකතු කෙරෙන ප්ලාස්ටික් බෝතලයක් දිරා යාමට වසර 450කට වඩා කාලයක් ගතවේ. එනිසා ඔබ විසින් ජීවිත කාලය තුලදී එක් වරක් හෝ පරිසරයට අවිධිමත්ව ප්ලාස්ටික් බෝතලයක් බැහැර කලද ඉන් සිදුවන හානිය සුළුපටු නොවේ.
මෙලෙස ප්ලාස්ටික් සහ පොලිතින් වලින් පරිසරයට වන හානිය අවම කිරීමට සහ නතර කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
MAS සමූහ ව්‍යාපාරයද මෙලෙස ප්ලාස්ටික් එක්රැස් කරමින් ප්‍රතිචක්‍රිකරණ වැඩසටහනක් දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක කරනු ලබන අතර ⁣2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මෙන්ම මෙවර 2021 පන්දුවාර විස්සයි විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහාද නිල ජර්සිය ඔවුන් විසින් නිර්මාණය කර ඇතතේ ප්‍රතිචක්‍රිකරණය කරන ලද ප්ලාස්ටික් බොතල් මගිනි . ඒ, එම ප්ලාස්ටික් බෝතල් වලින් සාදා ගන්නා ලද පොලියෙස්ටර් නූල් භාවිතා කරමිනි. මෙහිදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට පහසු ආකාරයෙන් හා සුවපහසු ලෙස මෙම ජර්සිය නිර්මාණය කර ඇත.
එලෙසින්ම එක් වරක් ලෝක ශූරයන් බව සංඛේතවත් කිරීමට, ජාතික කොඩිය යටින් තරු සලකුණද, ආරක්ෂාව හා රැකවරණය පෙන්නුම් කිරීමට පාරම්පරික පහතරට නැටුම් වල භාවිතා වන වෙස් මුහුනුවලින් ගත් මොනර පිහාටු රටාවද, ලංකාවට ආවේනික නිවර්තන මත්ස්‍ය විශේෂයක් වන බුලත් හපයාගේ හැඩතලයන්ද මෙම ජර්සියට යොදාගෙන තිබීම මඟින් මෙහි වටිනාකම තවත් වැඩි කරයි.
මෙම ජර්සිය අදිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන සෑම අවස්ථාවකදීම පරිසරය ආරක්ෂා කිරීමේ පණිවිඩයක් සමාජයට දෙන බව MAS holdings ආයතනය පවසයි.
එලෙසින් පරිසරයට අවිධිමත්ව බැහැර කෙරෙන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කරගනිමින් සහ හැකි සෑම විටම ප්ලාස්ටික් පොලිතින් වැනි නොදිරන ද්‍රව්‍ය භාවිතයට ගැනීමෙන් වැළකෙමින් පරිසරයට අපේ යුතුකම ඉටු කිරීමට සමාජයක් ලෙස පෙලගැසීමට මෙම පණිවිඩය නිවැරදිව ලබා ගෙන පරිසරය වෙනුවෙන් ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න.

තරිඳු දිල්ශාන් ගජනායක
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය