Artisan

කැටයම් කළාවට නව මානයක් එක් කළ විශ්‍රාමික රණවිරුවා

කැටයම් කළාවට නව මානයක් එක් කළ විශ්‍රාමික රණවිරුවා

“අපිව යුධ බිමේ ඉදරියට යවන්නැහැ”. ලමා වියේ සිටම ක්‍රීඩාවට නැඹුරු වූ පීතර මහතා හමුදා පාපන්දු ක්‍රීඩකයකි. තම සේවා කාලය අවසන් වූ පසු අම්පාර පිහිටි රජයේ සීනි කර්මාන්තශාලාවේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළේ එම රැකියාවට ඉමහත් ඇල්මකින් යුතුවය. අවාසනාවකට කර්මාන්ත ශාලාව වසා දැමීමත් සමග එම රැකියාවට ආයුබෝවන් කීමට පීතර මහතාට සිදුවිය.

පරිසරය කලාත්මක ඇසකින් දැකීම මොහොට උරුමව තිබුනේ මොහු තුළ කලාකරුවෙකු නිර්මාණය කිරීමටයි යන වග මොහු නොසිතූ දෙයකි. රැකියාවට සමුදී කලාවේ දොරටුව තට්ටු කළ පීතර මහතා එතෙක් කැටයම් ශිල්පය සම්බන්ධ කිසිදු පුහුණුවක් ලබා නො සිටි පුද්ගලයෙකි. ඔහු කැටයම් කිරීම බලා සිට අධ්‍යයනය කර ද නැත. එහෙත් ඔහු අද කැටයම් ශිල්පියෙකි.

මොහුගේ ප්‍රදේශයේ එවක විසූ ලේඛක මහත්මයෙක් 1999.09.19 දින මෙම කැටයම් ශිල්පියාගේ දස්කම් පිළිබඳ ලිපියක් පත්තරේ පළ කිරීමත් 22.09.1999 දින නියන් තළ පහකින් සමන්විත ආයුධ කට්ටලයක් ආධුනික පුද්ගලයෙක් තෑගි කිරීමත් පීතර මහතාට දීර්ඝ ඉඩෝර කාලයකින් පසු වැස්ස පළමු මහවැස්සක් ලෙස විය.

එම සිදුවීම පීතර මහතාට තමා කලාකරුවෙකු විය යුතු යන වග සිත තුළ ස්ථාපිත කළේ ගලේ කෙටූ අකුරක් වැන්නය. පසුව ජාතික ශිල්ප සභාවේ සාමාජිකත්වය ලබාගත් ඔහු 2017 දී කුසලතා සම්මාන තුනක් ද 2018 දී කුසලතා සම්මාන 8ක් ද 2019 දී ප්‍රථමස්ථානය දෙවනස්ථානය තෙවනස්ථානය ලෙස සියලු ස්ථාන තමා සතු කරගනිමින් ඉතිහාසයේ නව පිට්ටු පෙරලීමට හැකි වූ නිර්මාණ ඉදිරිපත් කළ විස්මිත මිනිසෙකි.

71 වන වියේ පසුවන මෙම මහතාගේ නිර්මාණ පරිසර හිතකාමී දීර්ඝකාලීන කලාත්මක නිර්මාණ වන අතර ලී බිත්ති සැරසිලි මූලිකව කැටයම් කරන පීතර මහතා මැටි සිමෙන්ති යනාදී අමුද්‍රව්‍ය වලින් ද නිර්මාණ කිරීමට සමතෙකි.

රජ කාලයේ සිට ම ශ්‍රී ලාංකිකයන් තුළ වූ කුසලතාවන් ලෝකයම මවිත කරවයි. එදා වගේම අදටත් ශ්‍රී ලාංකිකයින් දක්ෂයි යැයි ලොවට කියාපාන මෙම කැටයම් කරුවාට අත දීම අප සැමගේ වගකීමක් නොවේ ද???

හම්මාද් සුඅයිම්
ව්‍යාවහාර විද්‍යා පීඨය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

More projects

Blog

දේශගුණික තත්ත්වයන් වෙනස්වීමෙහිලා පාරිසරික බලපෑම

පෘථිවියේ පවතින විශාලතම දූෂකයක් වශයෙන් ප්ලාස්ටික්හැඳින්විය හැකි අතර, වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන්මිලියන 100 ක් පමණ නිෂ්පාදනය වේ. මේවා පරිසරපද්ධතිවලට එක…

3 min read

Blog

දේශගුණික තත්ත්වයන් වෙනස් වීමෙහිලා පාරිසරික බලපෑම

පෘථිවියේ පවතින විශාලතම දූෂකයක් වශයෙන් ප්ලාස්ටික්හැඳින්විය හැකි අතර, වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන්මිලියන 100 ක් පමණ නිෂ්පාදනය වේ. මේවා පරිසරපද්ධතිවලට එක…

3 min read

Blog

Why Zero Waste Life Style ?

Take a look at all the waste around you. Do you wish you could do something about it? But you feel like your contribution would be too small? No. It’s not.…

2 min read