Blog

පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද?

පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද?

පොලිතින් භාවිතය අප කිසිවෙකුට අලුත් දෙයක් නොවේ. මිනිස් ජීවිතය තුළ වැඩකටයුතු වැඩිදුරට පහසු කරලීමට පොලිතින් හෝ ප්ලාස්ටික් උපාංග වැඩි වැඩියෙන් නිෂ්පාදනය වේ . දකින දකින හැම තැනකම ප්ලාස්ටික් බෑග් හෝ ප්ලාස්ටික් උපාංග දැකීම පුදුමයක් නොවන්නේ ඒ නිසාමයි . කඩේකට ගියත් රුපියලක දෙකක පොඩි ගානකට ප්ලාස්ටික් බෑගයක් මිලට ගෙන සියලු බඩු එහි දාගෙන ඇවිත්, හිතෙන තැනක විසිකරන්න අපේ මිනිස්සු හරි දක්ෂයි . ඒක පහසුයි . නමුත් ඇත්තටම එය ජීවිතය පහසු කරයි ද ???

පාරවල් අයිනේ,පොදු ස්ථානවල,කැලෑබද ප්‍රදේශවල, කොටින්ම කියනවා නම් හිත පිරිසුදු කරගන්න යන පූජනීය ස්ථානවල ත් පොලිතීන් කසල ගොඩවල් එමටයි . පහසුවෙන් නිදහසේ විසිකරන එක පොලිතින් බෑග් එකක් අවුරුදු දාහක් වුණත් ඒ විදිහටම තියෙන්න පුළුවන් කියලා, එය පාරකට විසි කරද්දි මිනිස්සුන්ට නොදැනෙන්නේ ඇයි ?? එය ටික ටික මිනිස් පරිහානියට ම හේතු වෙනවා යන්න එක මොහොතක් සිතිය යුතුය .

ශ්‍රී ලංකාවේ දවසකට මිලියන 20 කට ආසන්න පොලිතීන් බෑග් සහ මිලියන 15කට ආසන්න lunch sheets භාවිතා වෙනවා . ප්ලාස්ටික් වලින් තොර ලොවක් යන සංකල්පය මත විවිධ වූ පරිසර හිතකාමී බෑග්,කවර යනාදී නිර්මාණය වුණත්, තවමත් අපි ශ්‍රී පාදස්ථානයේ,දළදා මාලිගාවේ, BMICH හි වැඩසටහනක් අවසන් වුණාම ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කවර එකතු කරන්න වෙනම පිරිසක් යොදවනවා.

ඒ ඇයි ??

එදිනෙදා වැඩ වැඩකටයුතු ලේසි කරගන්න ප්ලාස්ටික් උදව් වෙනවා කියලා හිතන මිනිසාට, ඇයි බැරි,ඒ ප්ලාස්ටික් ම මිනිස් අපිට විතරක් නොව සියළු ලෝක සත්ත්ව වර්ගයාට සෘණාත්මක ලෙස බලපානවා කියල හිතන්න . “ප්ලාස්ටික් වලින් තොර ලොවක්” නැතිනම් “හෙටක්” හුදෙක් වාක්‍ය පමණක් නොවිය යුතුය. මිනිසාගේ ආකල්ප එයින් මිදීමට තරම් වර්ධනය විය යුතුය . ජපානය සමස්ත සමාජයක් ලෙස එකට එකතුව,පරිසර හිතකාමි ක්‍රියාවන්හි නියැළේ. ඔවුන්ට ‘ECO BAGS’ භාවිතා කරන්න කිවහොත් සියලු දෙනා එය අනුගමනය කරයි . ප්ලාස්ටික් බෑග් එකක් වෙනුවට වෙළඳසැලකට යද්දි තමන් විසින්ම බෑගයක් ගෙන ගොස් අවශ්‍ය බඩු රැගෙන ඒම ජපන් ජාතිකයන් තුළ දැකිය හැකි විශිෂ්ට ලක්ෂණයකි . ඔවුන් ‘Going Green’ යන සංකල්පය හුදෙක් වචනයකට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වනවා . මිනිසාගේ ආකල්ප එතරම් දියුණු විය යුතුය . ප්ලාස්ටික් වලින් තොර රටක් බිහි කිරීමට නම් සියලු දෙනාගේ ආකල්ප එක හා සමානව ඒ හා ගැටිය යුතුය . භාණ්ඩ දහයක් ගෙනඒමට ප්ලාස්ටික් බෑග් දහයක් වෙනුවට එක රෙදි කවරයක් නැතිනම් ප්‍රතිශක්තිකරණ බෑගයක් ගෙන යන්න අප සිතිය යුතුය . වතුර බෝතලයත්, ආහාර ඇසුරුම පවා ප්ලාස්ටික් වලින් තොර කිරීමට තරම් අප ආකල්ප ශක්තිමත් විය යුතුය. අප විසි කරන එක ප්ලාස්ටික් අංශුවක් බොන වතුර වීදුරුවෙ සිට හුස්ම ගන්න වාතයට ම බලපාන්න පුළුවන් කියලා මතක් විය යුතුය .

තනි තනිව හෝ අප ආකල්ප
ඒ ආකාරයට දියුණු වුවහොත් කෙටි කාලයක් තුළ ප්ලාස්ටික් වලින් තොර රටක් නිර්මාණය වනු ඇත .

දිල්කි නවෝද්‍යා
ශාස්ත්‍ර පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

More projects

Artisan

දේශීයත්වයට මුල් තැන දෙමින් ජාත්‍යන්තරය ජයගන්නා මිනිසුන්

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වන ඇය, නමින් හර්ෂණී ද සිල්වා. වෘත්තියෙන් පෞද්ගලික පාසල් ගුරුවරියක් වන හර්ෂණී, සිය විනෝදාංශය මෙන්ම අමතර ආදායම් ම…

2 min read

Blog

පරිසරය රකින්නට, ක්‍රිකට් කියාදුන් අපූරු පාඩම…

ඔබ ක්‍රිකට් ලෝලියෙකු නම් මේ දිනවල පැවැත්⁣වෙන 2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය සමඟින් උන්මාදයට පත් වී ඇති බව නොඅනුමානයි. විශේෂත්වය වන්නේ ඒ සඳහා සහභාගි වන ශ්‍රී…

2 min read

Artisan

කැටයම් කළාවට නව මානයක් එක් කළ විශ්‍රාමික රණවිරුවා

“අපිව යුධ බිමේ ඉදරියට යවන්නැහැ”. ලමා වියේ සිටම ක්‍රීඩාවට නැඹුරු වූ පීතර මහතා හමුදා පාපන්දු ක්‍රීඩකයකි. තම සේවා කාලය අවසන් වූ පසු අම්පාර පිහිටි රජයේ සීනි කර…

1 min read