Blog

ප්ලාස්ටික් බෝතල් වල වතුර බොන්නේ බලාගෙනයි….

blog

අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් අපි විවිධ කාර්යන් සඳහා භාවිතා කිරීමට පුරුදු වෙනවා. ප්ලාස්ටික් භාජන විසි කරනවාට වඩා ඒවා නැවත නැවත භාවිතා කිරීම පරිසර දූෂණය අවම කරනවා තමයි. හැබැයි ප්ලාස්ටික් බෝතල් සහ ගැලුම් මේ ආකාරයෙන් නැවත භාවිතා කිරීමට පෙර එම බෝතල් පානීය ජලය ගබඩා කිරීමට කොයි තරම් ගැලපෙනවාද කියලා අවධානයෙන් ඉන්න ඕන.‍ෙසෑම ප්ලාස්ටික් බෝතලයකම යට කොටසේ ත්‍රිකෝණයක් සලකුණු කොට තිබෙනවා. එහි අංකයක් හෝ ඉංග්‍රීසි අකුරු සහිත සළකුණක් දැකිය හැකියි. එම සලකුණු වලින් අපට තේරුම් ගන්න පුළුවන් ඒ ප්ලාස්ටික් භාවිතයට සුදුසුද, නුසුදුසුද යන බව.

PET හෝ PETE – 11-PETE
මෙම සලකුණ සහිත බෝතල් නිපදවා තිබෙන්නේ එම බෝතලය එක් වරක් පමණක් භාවිතා කිරීමටයි. නැවත නැවත භාවිතා කරන විට එම බෝතල් වල ඇති රසායනික කොටස් එම බෝතලය තුළ අන්තර්ගත ජලය හා මිශ්‍ර වෙනවා. එම රසායනික ද්‍රව්‍ය වලට පුළුවන් ඔබේ ශරීරයේ හෝමෝන සමබරතාවය වෙනස් කරන්න.

උදා :- පැණි බීම සහ සෝඩා බෝතල් / පානීය ජල බෝතල්

what-is-HDPE-or-PE-HDHDP හෝ HDPE – 2
මෙම ප්ලාස්ටික් වලින් අහිතකර රසායන ද්‍රව්‍ය පිට කරනවා කියලා වාර්තා වෙන්නේ නැහැ. එම නිසා මේවා ප්ලාස්ටික් බෝතල් සෑදීම සඳහා නිර්දේශ කරනවා. නැවත නැවතත් භාවිතා කිරීම සඳහා මෙම බෝතල් යොග්‍යයි. මෙම ප්ලාස්ටික් ඉතාමත් හොඳ විනිවිද පෙනෙන ස්වරූපයෙන් යුතුයි. ඔබ ජලය පානය කිරීමට බෝතලයක් හෝ වතුර ජෝගුවක් තෝරා ගන්නවා නම් මෙම ප්ලාස්ටික් වර්ගයෙන් තැනූ භාණ්ඩ තමයි වඩාත් හොඳ. මෙම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර පළමු (1) වර්ගයේ ප්ලාස්ටික් නිපදවනවා

pvc-logo1PVC හෝ V – 3
මෙම ප්ලාස්ටික් වර්ගයන් භාවිතයට සුදුසුම නෑ. ශරීරයට අහිතකර පිළිකා කාරක සහ විෂ රාශියක් මින් නිකුත් වෙනවා. දරුවන් ලැබීමේ හැකියාව අහිමි වීම, උපදින දරුවන් විකෘති වීම පවා සිදුවන්න පුළුවන්. මෙම ප්ලාස්ටික් නිපදවන කර්මාන්ත ශාලාවල සේවකයින් පවා පිළිකා වලට ගොදුරු වෙනවා. මෙම ප්ලාස්ටික් භාවිතා කරන්නම එපා.

ldpe4_6852LDPE – 4
මෙම ප්ලාස්ටික් වර්ගය ෂොපින් බෑග්, ගාබේජ් බෑග්, සහ Lunch Sheet සෑදීමට යොදා ගන්නවා. මෙම ප්ලාස්ටික් අපට අහිතකර නැහැ. නමුත් පරිසර දූෂණය වීමට ප්‍රධාන හේතුවක්. එම නිසා මේවා හැකි පමණ ප්‍රතිචක්‍රීකරණය කරන්න. භාවිතය අවම කරන්න උත්සාහ කරන්න.

 

pp5_6860PP – 5
මෙයත් හොඳ ප්ලාස්ටික් වර්ගයක්. බෙහෙත් වර්ග ඇසිරීමට, බීම බට, යොගට් කෝප්ප සහ මාගරින් කෝප්ප සෑදීමට බොහෝ විට භාවිතා කරනවා. මෙම ප්ලාස්ටික් නිශ්පාදනයේදී නම් අහිතකර රසායන ද්‍රව්‍ය පරිසරයට නිකුත් වෙනවා. නමුත් මේවා භාවිතය මිනිසාට අහිතකර නැහැ. මේවා භාවිතයට සුදුසු ප්ලාස්ටික්.

 

PS – 62000px-Plastic-recyc-06.svg
මෙම ප්ලාස්ටික් පිළිකා කාරක ද්‍රව්‍ය අන්තර්ගතයි. භාවිතයට මේවා එතරම් සුදුසු නැහැ. නමුත් කෝපි සහ තේ පානයට යොදා ගන්නා එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් කෝප්ප (Disposable Cups) නිපදවීමටත් ක්ෂණික කෑම ඇසුරුම් සැකසීමටත් මේවා භාවිතා වෙනවා. මේවා භාවිතයට සුදුසු නැති ප්ලාස්ටික්

plastic_otherPC හෝ කිසිදු සලකුණක් නොමැති ප්ලාස්ටික් – 7
මේවා තමයි වඩාත් අහිතකර ප්ලාස්ටික් වර්ග. මෙම ප්ලාස්ටික් වලින් නිකුත් කරන අහිතකර රසායන වර්ග මොනවාදැයි කියන්න බැරි තරමට තියෙනවා. නමුත් ආහාර ගබඩා කරන බඳුන් නිශ්පාදනයට මේවා බහුලව භාවතා කරනවා. ළමා බෝතල්, හැඳි, ගෑරුප්පු, වතුර බෝතල් නිපදවීමටත් මේවා භාවිතා වෙනවා. මෙම ප්ලාස්ටික් භාවිතා කරන්න එපා.

හැබැයි ශාක කොටස් වලින් නිපදවන Green Plastic කියන හොඳ ප්ලාස්ටික් වලත් මෙම සලකුණ තමයි තිබෙන්නේ.

ඉහත කුමන වර්ගයේ ප්ලාස්ටික් වර්ග භාවිතා කලත් ප්ලාස්ටික් භාජන වල ආහාර සහ ජලය ගබඩා නොකිරීම තමයි වඩාත් නුවණට හුරු. මොකද හොඳ වර්ගයේ ප්ලාස්ටික් වුවත් වැඩි වැඩියෙන් භාවිතා කරන විට කාලයත් සමඟ අහිතකර රසායන ද්‍රව්‍ය පිටකිරීම ආරම්භ වෙනවා.

පහත කාරණාත් හොඳින් සිතේ තබාගන්න.
ප්ලාස්ටික් බීම බෝතල්, වතුර බෝතල් කුමන හේතුවක් නිසාවත් නැවත භාවිතා කරන්න එපා.water-bottle-ban
බොහෝ විට බෝතල් කල පානීය ජලයට වඩා ටැප් ජලය පිරිසිදු බව මතක තබාගන්න.
මයික්‍රොවේව් උඳුන් ඇසුරින් ආහාර රත් කිරීමට Microwave Safe ලෙස සඳහන් කර ඇති භාජන පමණක් භාවිතා කරන්න. මෙම භාජනද කල් යත්ම විස වන බව මතක තබාගන්න. මේ නිසා ප්ලාස්ටික් භාජන වෙනුවට තාපයට ඔරොත්තු දෙන වීදුරු හෝ සෙරමික් භාජන තෝරා ගන්න.
ජලය උණු කිරීමට වීදුරු හෝ ලෝහ භාජන පමණක් භාවිතා කරන්න. ප්ලාස්ටික් විදුලි කේතල භාවිතයට නොගන්න.
නිවසේ ජලය ගබඩා කිරීමට වීදුරු බෝතල් පමණක් භාවිතා කරන්න. ගමන් කරන විට ජලය රැගෙන යාමට හොඳ වර්ගයේ ප්ලාස්ටික් බෝතලයක් වෙනම මිලදී ගන්න. පානීය ජලය ගබඩා කිරීමට ඔබ වෙත නොමිලේ ලැබෙන ප්ලාස්ටික් බෝතල් කිසිවිටකත් භාවිතා කරන්න එපා.
විවිධ රසායනික ද්‍රව්‍ය ගබඩා කරන ප්ලාස්ටික් බාල්දි සහ ගැලුම් නැවත භාවිතයේදී ඒවා ආහාර ගබඩා කිරීමට භාවිතා කරන්න එපා.

-තිලෝ-

More projects

Blog

No Time To Waste !

Plastic Pollution has emerged as a major threat which is affecting unfavourably the whole earth, including wildlife, wildlife habitat, aquatic life as well…

1 min read

Artisan

Story of olai

Olai is a business for palmyra products. They design and produce alternatives to replace our daily life things with palmyra products. We can purchase their…

4 min read

Blog

අපි හැමෝම සතිපතා ATM card එකක් කනව කියල දන්නවද..?

අපි හැමෝම ආසන්න වශයෙන් සතියකට බැංකු කාඩ් එකක තියන ප්ලාස්ටික් ප්‍රමාණයක් ඇඟට දාගන්නව (5g micro plastic තමයි ATM card එකකට සමාන කරල තියන්නෙ)…Australia වෙ මෑත…

4 min read