Artisan

දේශීයත්වයට මුල් තැන දෙමින් ජාත්‍යන්තරය ජයගන්නා මිනිසුන්

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වන ඇය, නමින් හර්ෂණී ද සිල්වා. වෘත්තියෙන් පෞද්ගලික පාසල් ගුරුවරියක් වන හර්ෂණී, සිය විනෝදාංශය මෙන්ම අමතර ආදායම් මාර්ගයක් ලෙසත් දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් අත්කම් නිර්මාණයෙහි නියැළී සිටිනවා. එම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇය අප සමඟ තොරතුරු බෙදාගත්තේ මෙලෙසින්.

සුනිල් කල්දේරා මහතා ( හර්ශණීගේ පියාණන්) ස්වයං රැකියා කිහිපයකට පසු විනෝදාංශයක් ලෙස සකසන ලද  අත්කම් නිර්මාණ වලට කාලයත් සමඟ ලැබී තිබූ ඉල්ලුම හේතුවෙන්, වසර කිහිපයකට පෙර ඔහු මෙම අත්කම් නිර්මාණ ව්‍යාපාරය පූර්ණ කාලීන ව්‍යාපාරයක් බවට පත් කලා.

සරසවි අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු,  එතෙක් තම පියාණන් විසින් පවත්වාගෙන ආ ව්‍යාපාරයට සම්බන්ධ වූ හර්ෂණී ඔහුගේ පූර්ණ අධීක්ෂණය සහ නොමඳ සහයෝගය යටතේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ වගකීම තමන් වෙත පවරාගත්තා. ඒ  සිය පවුලට ශක්තියක් වීමේ අරමුණින්.

සිය තරුණ වියෙහිදීම දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරන අත්කම් නිර්මාණ ව්‍යාපාරයක් වෙත යොමුවීමෙන් ඇය, තාරුණ්‍යයට මෙන්න මුළු මහත් සමාජයටම ලබාදෙන්නේ අපූර්ව  ආදර්ශයක්.

පොල්කටු ආශ්‍රයෙන් නිපදවූ, මුළුතැන්ගෙයි උපාංග, සබන් රඳවන, පිඟන්, කෝප්ප, ලාම්පු ඇතුළු තවත් ගෘහ අලංකරණ නිර්මාණ ‍රැසක් මෙන්ම, ලී වලින් සාදන උපකරණ වර්ගද ඔවුන්ගේ දෑතින් නිමවන අපූරු අත්කම් ගොනුවට අයත්. එපමණක් නොව, මේ අත්කම් සහ උපාංග පාරිභෝගික රුචිය අනුව අවශ්‍ය පරිදි නිර්මාණය කර දීමට ඔවුන් කටයුතු කරන බව ඇය අප සමඟින් පැවසුවා.

දෙමව්පිය ආශිර්වාදයද සමඟින් ජාත්‍යන්තර වෙළඳපළ දක්වාම සිය ව්‍යාපාරය පුළුල් කරගැනීමට ඇය මේ වන විටත් සමත්ව සිටිනවා. ඔවුන්ගේ භාණ්ඩ හා සේවා සැපයීමේ ගුණාත්මක බව පිළිබඳව පාරිභෝගිකයන් තුළ ඇත්තේද ඉමහත් ප්‍රසාදයක්.

“වයසට බෑ මිනිස්සු වට්ටන්න. වයස තුළ ලබාගත්ත අත්දැකීම්, අපිට දකින්න නැති ඉස්සර කාලෙ තිබ්බ ඒවා ගොඩක් අපි හදන්නෙ. රා පීප්ප, සෙක්කුව, දිය හැන්ද වගෙ පැරණි දේවල්. ඒව එකතු කරන අයට උනත් වටිනවා”
තම පියාණන් ගේ ධෛර්යය සහ අත්දැකීම් පිලිබඳ ඇය කතා කලේ ඉතාමත් සතුටෙන්.

මෙම ව්‍යාපාරයේදී තමන් අත්දකින අභියෝග සම්බන්ධයෙන්ද අප ඇයගෙන් විමසා සිටියා.
එහිදී හර්ෂණී පවසා සිටියේ,
ශ්‍රි ලංකාව තුළ පවතින තත්ත්වය යටතේ භාණ්ඩ හුවමාරුව අත්හිටුවා තිබීම නිසා,  ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලින් ලැබෙන ඇණවුම් සපයා දීමේදී ඔවුන් මේ දිනවල දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවයි. මෙය තම ව්‍යාපාරයට යම් අලාභදායී තත්ත්වයක් බවද ඇය පවසා සිටියා.

” බලාපොරොත්තු වුණාට වඩා ඉක්මනින් ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් වුණා”. බාධක ජයගනිමින් ඉදිරියට යන තරුණ ව්‍යවසායිකාවක් වශයෙන් සිය සාර්ථකත්වයේ සතුට ඇය වදන් වලට පරිවර්තනය කළේ එලෙසින්.

පරිසරයට අහිතකර උපාංග සමඟින් උරෙනුර ගැටෙමින් ඉදිරියට යන ඔවුන්ගේ මෙම ගමන ඉතා ප්‍රශංසනීයය.
සිය තරුණ අවධියේදීම පරිසර හිතකාමී ව්‍යාපාරයකින් ලොව ජයගන්නා ඇය සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම සපයන්නේ අපූර්ව ආදර්ශයක්.

ඔවුන්ගේගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථකත්වයට පත් වේවා’යි යන්න ZeroPlastic අපේ පැතුමයි.

ඔවුන්ගේ නිර්මාණ මිලදීගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න.

චාපා රාමසිංහ
කෘශිකර්ම පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

More projects

Blog

පරිසරය රකින්නට, ක්‍රිකට් කියාදුන් අපූරු පාඩම…

ඔබ ක්‍රිකට් ලෝලියෙකු නම් මේ දිනවල පැවැත්⁣වෙන 2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය සමඟින් උන්මාදයට පත් වී ඇති බව නොඅනුමානයි. විශේෂත්වය වන්නේ ඒ සඳහා සහභාගි වන ශ්‍රී…

2 min read

Artisan

කැටයම් කළාවට නව මානයක් එක් කළ විශ්‍රාමික රණවිරුවා

“අපිව යුධ බිමේ ඉදරියට යවන්නැහැ”. ලමා වියේ සිටම ක්‍රීඩාවට නැඹුරු වූ පීතර මහතා හමුදා පාපන්දු ක්‍රීඩකයකි. තම සේවා කාලය අවසන් වූ පසු අම්පාර පිහිටි රජයේ සීනි කර…

1 min read

Blog

දේශගුණික තත්ත්වයන් වෙනස්වීමෙහිලා පාරිසරික බලපෑම

පෘථිවියේ පවතින විශාලතම දූෂකයක් වශයෙන් ප්ලාස්ටික්හැඳින්විය හැකි අතර, වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන්මිලියන 100 ක් පමණ නිෂ්පාදනය වේ. මේවා පරිසරපද්ධතිවලට එක…

3 min read