Blog

World Plastic Bag free day

World Plastic Bag free day

International Plastic Bag Free Day🛍️🚫

International Plastic Bag Free Day හෙවත් අන්තර්ජාතික පොලිතීන් බෑග් පිටුදැකීමේ දිනය, සෑම වර්ෂයකම ජුලි මස තුන්වැනි දිනට යෙදී තිබේ. මෙලෙස දිනයක් වෙන් කිරීමේ පරමාර්ථය නම්, එක් වරක් භාවිත කර ඉවත දමන පොලිතීන් බෑග් පරිහරණය කිරීමෙන් පාරිසරිකව සිදුවන හානිය මිනිසුන් හමුවේ ගෙනහැර පෑමත්,විකල්ප ආදේශක මේ වෙනුවට හදුන්වා දීමත් වේ.

විශේෂයෙන්ම දෛනික ආහාර ද්‍රව්‍ය රැගෙන යාම වෙනුවෙන් මෙවැනි බෑග් බහුලව යොදාගනී. මෙවැනි දිනයක් වෙන් කිරීම තුළින් කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයන් දක්වා ආකල්පමය වෙනසක් ඇති කරමින්, විකල්ප භාවිත වෙත ජනතාව යොමු කරලීම අපේක්ෂා කරනු ලැබේ.

දිනපතා ලොව පුරා වරක් භාවිතයෙන් පසු ඉවත දමන පොලිතීන් බෑග්, දවටන සහ එවැනි දේ මෙට්‍රික් ටොන් ගණනින් පරිසරයට එකතු වනවා සේම, ඒවා පරිසරය තුළ දිරාපත්ව යෑමට වර්ෂ ගණනාවක් ගත වීම ද මෙම දවටන වල පවතින අදුරු පැතිකඩ බව හදුනා ගත යුතුය.

එක් දිනකට පමණක් සීමා නොවී, ආකල්පමය වෙනසක් තුළින් පොලිතීන් බෑග් වෙනුවට වෙනත් විකල්පයන් වෙත හුරුවීමට මේ සුදුසුම කාලයයි.

අපි අපිම වෙනස් වී – පොලිතීන් උවදුර දුරලමු- මිහිමව සුවපත් කරවමු. 💚🌍

Article written by : Nimesh Karunasinghe
Post Designed By : Githma Deshani

More projects

Blog

World Earth Day

World Earth Day🌏🍃 On this Earth Day, celebrated in 2024, the rallying cry is clear: “Planet vs. Plastics”. Our planet, adorned in a cloak of blue, faces …

1 min read

Blog

World Migratory Bird Day

World Migratory Bird Day🦅🦩🌎 World Migratory Bird Day is celebrated every year on the 2nd Saturday of May in the United States and Canada and on the 2nd …

1 min read

Blog

World Endangered Species Day

World Endangered Species Day; falling on the third Friday of May, is observed annually to alarm us to take action. This day is dedicated to raising awarene…

1 min read