Projects

Green canopy phase 1

Green canopy phase 1

හරිත ලොවකට පිය නගන්නට රුක් රෝපණයෙන් අස්වැසිල්ලක්..🌱🌍

පරිසර මාතාවගේ දරුවන් බඳු වූ “තුරුලතා ” යනු හරි අපූරු නිමැවුමකි. එවන් වටිනා තුරුලතා පරිසර මාතාවගේ පැවැත්මට මෙන් ම ගෝලීය මානවයාගේ චිර පැවැත්මට ද දායක වන අමිල සම්පතකි. මිහිකතේ පැවැත්මට දායකවන්නා වූ තුරුලතා රෝපණය කිරීම මගින් මිනිසාගේ ජීවයට අවශ්‍ය ඔක්සිජන් වායුව නිපදවන්නා සේම, කුසගින්නට ආහාර ද, සත්ත්ව වාසස්ථාන ද නිර්මාණය කිරීමට සමත්කම්පායි.

මෙවර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Zero Plastic සංගමය මගින් පවත්වනු ලැබූ “Green Canopy” රුක් රෝපණ ව්‍යාපෘතිය 2024 මැයි මස 01 දින අතිසාර්ථක අන්දමින් දියත් කෙරුණි.

එහිදී උණ ශාක 150 ක් ද, කුඹුක් ශාක 25 ක් ද, මී ශාක 27 ක් මෙන්ම කරඳ ශාක 10 ක් ද සරසවි මැදුර නේවාසිකාගාරය අවට මෙන් ම මහවැලි ගඟ අසබඩ රෝපණය කිරීමට කටයුතු සිදු කරන ලදී. මහවැලි ගඟ දෙපස ඉවුරු ඛාදනය වැළැක්වීම මෙහිලා ප්‍රධානම අරමුණකි.

මෙම අගනා මෙහෙවර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහාචාර්යතුමාගේ මග පෙන්වීමෙන් යුක්තව මෙන්ම මහවැලි අධිකාරිය, ලංකා බැංකුව-පේරාදෙණිය ශාඛාව යන ආයතනයන්හි අනුග්‍රහයෙන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරසවි මැදුර නේවාසිකාගාර පාලිකා, ආචාර්‍ය කාන්ති හෙට්ටිගොඩ මහත්මිය, උප පාලිකා වාසනා කරුණාතිලක මහත්මිය සහ සේවක මණ්ඩලය, Zeroplastic සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය සෙනාල් වීරසූරිය මහතා, ආචාර්ය නලින් සුරංජිත් මහතා මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ සම්බන්ධීකරණ අංශයේ සම්බන්ධතා නිලධාරී මහේෂ් අබේවික්‍රම මහතාගේ දායකත්වයෙන් ව්‍යාපෘතිය සාර්ථකව නිමා කරගන්නට හැකියාව ලැබිණ.

එසේම මිහිකත සුරැකීමේ අරමුණින් සිදු කෙරුණු “Green Canopy” රුක් රෝපණ ව්‍යාපෘතියට සක්‍රියව දායක වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් සියලු දෙනාට අපගේ ස්තූතිය පුද කරන්නෙමු .

🖊Article written by : Ishan Indunil

🎨 Post Designed by : Yureshi Hapuarachchi

More projects

Projects

Eco Boost 2.0

අත්කම් නිර්මාණ ශිල්පය එහෙමත් නැත්නම් අත්කම් කලාව කියල කියන්නෙ ඈත අතීතයේ ඉදලම තියෙන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කලාවක්. සම්ප්‍රදායික ශිල්ප ක්‍රම හා නිර්මාණ…

5 min read

Projects

Eco Boost 2.1

The earth whispers secrets.. Unlock the magic of clay at ECO BOOST 2.1💚 Nature’s next big thing is here. Discover sustainable solutions for a brighter fut…

1 min read

Projects

Eco Boost 2.2

කුඹල් කර්මාන්තය කියන්නෙ විශාල ඉතිහාසයකට උරුමකම් කියන කර්මන්තයක්.ඉතිහාසයේ සඳහන් වෙන විදිහට කුඹල් කර්මාන්තය මෙරටට රැගෙන ආවෙ සංඝමිත්තා තෙරණින් වහන්සෙ. හැබැයි …

4 min read