We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

Chakra bags පසුබිම් කතාව

Chakra bags පසුබිම් කතාව

හැකියාවට ඉඩක්-පරිසරයට හෙටක්…

මිහිමත වෙසෙන සතුන් අතරින් උසස්ම මනසක් හිමි සත්වයා ලෙස මිනිසා නම් දරා සිටි. මනස වනාහි හොදින් සිතා බලන්නට, දුරදිග බලන්නට සරලවම පනින්නට පෙර සිතා බලන්නට මෙහෙයවිය යුත්තකි. ප්ලාස්ටික්, පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍යන්ගේ අධික පරිභෝජනය නිසා තම දරුවන්ට මුහුණ පාන්නට විය හැකි අදුරු, රුදුරු අනාගතය මුලිනුපුටා දමනු වස් දුරදක්නා නුවණින් තම මනස මෙහෙයවා පරිසර හිතකාමීත්වය තුලින් ආර්ථිකය ජයගැන්මට අරමුණු ඇතිව අමුරෙදි, බතික් රෙදි,කපු රෙදි ආශ්‍රිතව අපූර්ව නිර්මාණයන් මවන්නට සමත් නිර්මාණශීලී දෑතක් හිමි අපගේ කතා නායිකාව ඉෂානි ගුණවර්ධන මහත්මියයි.
පරිසර හිතකාමී බෑග් තම ප්‍රධාන නිර්මාණ ප්‍රතිදානය කරගත් නමුත් ඊට අමතරව දිරන අමුද්‍රව්‍ය භාවිතයෙන් නිමැවූ බෝතල් රදවන, පැන්සල් පෑන් බහාලුම්, ආහාර බහාලුම් ද ඇයගේ නිර්මාණ ගොන්නට ඇතුලත් වේ. වසරක් වැනි කෙටි කලක් තුළ තම සැමියාටද ආර්ථිකමය සවියක් වෙමින් තම නිර්මාණයන්ට යම් වෙළදපොලක් නිර්මාණය කර ගැනීමට සමත් වී ඇති ඇයගේ වෑයම අගය කළ යුතුය. තවත් සුවිශේෂී කරුණක් නම් බෑග්වල වෙනත් උපාංග එනම් ගාංචු, බකල් පවා පොල්කටු වැනි දිරන ද්‍රව්‍යන්ගෙන් නිර්මාණය කරන්නට තරම් ඇය සූක්ෂම වීමයි.
උද්ගතව පවතින වසංගත තත්වය හේතුවෙන් ඉල්ලුමෙහි වැඩිවීමක් නොමැති වුවත් ඉදිරියට මෙවැනිම කල් පවත්නා, පරිසර හිතකාමී අලුත් නිර්මාණයන් හදුන්වා දීම ඇයගේ බලාපොරොත්තුවයි. යහපත් අරමුණු ඇතිව දියත් වූ ඇගේ ප්‍රයත්නය දිනෙන් දින සාර්ථක වේවා යන්න zero plastic අපගේ පැතුමයි.

ඩබ්.ඒ.ඩී.ලලංකා උදානි රණවීර
ව්‍යවහාරික විද්‍යා පීඨය
රජරට විශ්වවිද්‍යාලය