We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙහි පදක්කම් කතාව

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙහි පදක්කම් කතාව

2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පසුගිය අගෝස්තු මාසයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය. එහි ජයග්‍රාහී ක්‍රීඩකයන් හට ප්‍රධානය කරන ලද පදක්කම් සෑදීමට යොදාගෙන තිබුණේ ප්‍රතිචක්‍රිකරණය කරන ලද විද්‍යුත් උපාංග බව ඔබ දන්නවා ද?

ඒ සදහා ඔලිම්පික් සංවිධායක කමිටුව මගින් මීට වසර 2 කට පෙර කාලයක සිට ආරම්භ කරන ලද ‘ Tokyo Olympic Project’ ව්‍යාපෘතිය යටතේ විශාල ප්‍රමාණයෙන් ජංගම දුරකථන, laptop පරිගණක ආදී විද්‍යුත් උපාංග ප්‍රතිචක්‍රිකරණය කිරීමට පියවර ගැනුණි. ඒ සදහා ජපානයේ විවිධ අද්‍යාපනික ආයතන හා ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම් මධ්‍යස්ථාන මගින් ද විවිධ පරිත්‍යාගයන් සිදුකරන ලදී.

ජාත්‍යන්තර Olympic කමිටුව මගින් පෙන්වා දුන් පරිදි මෙම වැඩසටහන දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද ආධාර සදහා ද විවෘත විණි. ජපානයේ නගරය හා ගම් අතුරින් 90% ක පමණ ප්‍රමාණයක ම පිහිටුවා තිබුණ අමුද්‍රව්‍ය එකතු කිරීමේ මද්‍යස්ඵාන වලට ජපන් වැසියන් තමන් පරිහරණය කරන ලද පැරණි විද්‍යුත් උපාංග හා උපකරණ පරිත්‍යාග කරන ලදී.

IOC මගින් පෙන්වා දී ඇති පරිදි , පරිහරණය කරන ලද ජංගම දුරකථන, ඩිජිටල් කැමරා , පරිගණක ක්‍රීඩා උපකරණ හා laptop පරිගණක ආදී භාණ්ඩ මිලියන 6.21කට ආසන්න සංඛ්‍යාවකින් සැදුම් ලත් ටොන් 78 985ක් පමණ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් පරිත්‍යාග ලෙස ලැබී ඇත.

ඔලිම්පික් උලෙළක් තුළ ප්‍රධානය කරන ලද සියලුම පදක්කම් ප්‍රතිචක්‍රිකරණය කරන ලද ද්‍රව්‍ය මගින් සෑදූ ප්‍රතම රට බවට ජපානය 2020 වසරේ දී පත්වුව ද ප්‍රතිචක්‍රිකරණය කරනය කරන ලද ද්‍රව්‍ය වලින් ඔලිම්පික් පදක්කම් නිර්මාණය කල ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

මීට පෙර 2016 Rio ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ද රිදී සහ ලෝකඩ පදක්කම් නිර්මාණය සදහා ප්‍රතිචක්‍රිකරණය කරන ලද ද්‍රව්‍ය යොදාගත් බව ජාත්‍යන්තර Olympic කමිටුව මගින් වාර්තා කර ඇත. 2019 winter olympic උලෙළේදී ද පදක්කම් නිර්මාණය සදහා ප්‍රතිචක්‍රිකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදාගත් බව වාර්තා කර ඇත.

පදක්කම් නිර්මාණයේ දී පමණක් නොව මෙවර ඔලිම්පික් උලෙළ පුරාවටම පරිසර හානිය අවම කරගනිමින් පරිසර හිතකාමී ක්‍රමෝපායන් යොදාගනිමින් බොහෝ වැඩකටයුතු සිදුකර ගැනීමට 2020 Tokyo Olympic සංවිධායක කමිටුව පියවර ගෙන තිබුණි.

ප්‍රතිචක්‍රිකරණය කල හැකි cardboard යොදාගනිමින් නිර්මාණය කරන ලද සැහැල්ලු පරිසර හිතකාමී ගෘහ උපකරණ භාවිතය මෙවර ඔලිම්පික් උලෙළේ තවත් එක් වැදගත් පියවරකි. තවද ඔලිම්පික් ගම්මානය වට ක්‍රීඩකයන් ප්‍රවාහනය සදහා (Automated Electronic Cars) ස්වයංක්‍රීය විදුලි කාර් යොදාගනිමින් පොසිල ඉන්ධන දහනය මගින් සිදුවිය හැකි පරිසර හානිය ද අවම කර ගැනීමට ඔලිම්පික් සංවිධායක කමිටුව පියවර ගෙන තිබුණි.