Blog

සාගරයට මැදි වූ ප්ලාස්ටික්

සාගරයට මැදි වූ ප්ලාස්ටික්

සාගරයට ගලා යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩකට වඩා පැමිණෙන් නේ චීනය,ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් පහෙනි. පෙරදිග ආයුර්වේදය, සොබාදහම පිළිබඳ බරසාර කතිකාවන් ගැවසෙන ලංකාවේ ශ්‍රී නාමය ද ඈදා තිබීම කනගාටුදායකය.

ශ්‍රී ලංකාවේ පිහිටීම අතින් පෙරදිග සාගරයෙන් වට වූ මනස්කාන්ත භූමියක් වුවද ප්ලාස්ටික් බෝතල්, කෑන්, වෙළඳ දවටන යනාදිය කරණකොට ගෙන ජරාවාස වී ඇත. මානව හැසිරීම් මත උද්ගත ව ඇති මෙම තත්ත්වය දිවයිනට පමණක් නොව මුළු මහත් ලෝකයට ම හානිදායක ව ඇත.

වෙරළ තීරයට පැමිණෙන සංචාරකයන් හිරු බැස යන දර්ශන, සරුංගල් යවන විනොදාස්වාද අතරවාරයේ විවේකය ගත කිරීමට ගෙනා ප්ලාස්ටික් එහිම තබා යාම, කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය මුහුදට දැමීම යනාදි සුළු වැරදීම් සමස්ත ලෝකවාසී සත්වයන් ම අනතුරෙහි ලා තිබීම දුක්මුසුය. ඒ අතරවාරයේ තෙල් නැව් පෙරළීම ද තත්වය ශීඝ්‍රයෙන් වේගවත් කර ඇත.

සංචාරක ආකර්ෂණය නොලැබීම, පිළිකා, චර්ම රෝග යනාදිය පමණක් නොව කඩොලාන විනාශය, කොරල්පර විනාශය, මත්ස්‍යයන් මියයාම, බැරලෝහ සාගර ජලයට එක්වීම, වෙරළ ඛාදනය, අම්ල වැසි ඇතිවීම යනාදි දුර්විපාකයන් රැසක කොටස් කරුවන් වී ඇත්තේ ප්ලාස්ටික් භාවිතා කරන අපේ ම වරදිනි.

ඉතින්, ඔබත් වෙරළ තීරයට යන්නේ එහි සුන්දරත්වය විඳීමට නම්, විවේකය විඳීමට නම් නැවත දිනයක ද පිය නැගීමට හැකි අයුරෙන් පිටවන්න. හිත්පිත් නැති මිනිසුන් දමා ගිය ප්ලාස්ටික් උවදුර වෙරළ තීරයෙන් ක්‍රමවත්ව බැහැර කිරීමට, ප්‍රතිචක්‍රීයකරණයට මිනිස්කම හදපිරි ඔබටත් ඔබේ මිතුරන්ටත් දායක විය හැකිය. ප්ලාස්ටික් මිහිමත හෙළා යන සාටෝපවත් කාලයක ඔබේ තාරුණ්‍යය මුළු මහත් ලෝකයක යහපත වෙනුවෙන් දෑත් බැඳිය හැකිනම් අගනේය. තවදුරටත් කිවතොත් වෙරළ මෙන් ම එහි ස්වාභාවික සුන්දරත්වය ද අපට වැදගත් ය. ඒ සඳහා ප්ලාස්ටික්වලින් තොර විය යුතුමය.

ජයනී අයිලප්පෙරුම
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

More projects

Blog

ඔන්ලයින් ලෙක්චර්ස් කඳු අතරේ රිදී ඉරක් දුටු ඈ

ලෝකයම වසා ගත් කොරෝනා වසංගතය හමුවේ සැවොම නිවෙස් තුලට කොටු කරමින් ස්වභාව ධර්මය අපට ඉගැන්වූයේ සුලු පටු පාඩමක් නොවේ. එය අපට නැවත හැදෙන්නට දුන් අනගි අවස්ථාවක් ව…

2 min read

Blog

පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන් – කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන්

පරදේසෙකින් ආ කුමරුට පෙම පුදමින් නෑදෑ සනුහරේටත් පිටුපානු තරම් ආලය අන්ද හින්දම හිත මුලා කරන් කුවේණියගෙ සන්තකයම වුනානෙ සුන් නැගි ඉණිමගට පා පහරක් දෙන්න තරම් පහ…

1 min read

Blog

ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු.

අද වන විට අපට නැතිවම බැරි දෙයක් ලෙස මේ පොලිතීන් අවශ්‍යතාව හඳුන්වා දෙන්නට පුළුවනි.කෙසේ නමුත් අපගේ පරිසරය විනාශ වීමටත් ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම පොලිතීන් .…

2 min read