We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

ස්වයංවිනයක් ගොඩනගා ගනිමින් ප්ලාස්ටික් භාවිතය අවම කරමු
Let's minimize the use of plastics

ස්වයංවිනයක් ගොඩනගා ගනිමින් ප්ලාස්ටික් භාවිතය අවම කරමු

පරිසර දූෂකකාරක අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ප්ලාස්ටික් හා පොලිතින්, භාවිතයේ පහසුව මූලික කරගනිමින් වැඩි වශයෙන් භාවිතයට ජනතාව පෙලඹී ඇත.

නමුත් තනි තනි පුද්ගලයන් වශයෙන් ඔබ තුල ස්වයංවිනයක් ගොඩනගා ගනිමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට විවිධ පියවර සදහා යොමු වීමට ඔබට හැකිය.

නිදසුන් ලෙස,

  • ගමනක් හෝ සේවා ස්ථානයට යනවිට වතුර රැගෙන යාම සදහා ප්ලාස්ටික් බෝලතයක් වෙනුවට වීදුරු , ලෝහ උණ බම්බු හෝ මැටි වලින් සාදන ලද බෝතලයක් භාවිතා කිරීම.
  • වෙළදපොලට යනවිට පොලිතින් මල්ලක් වෙනුවට රෙදි, පන්, වේවැල් ආදියෙ නිමවූ මල්ලක් රැගෙන යාම.
  • නිවසේ භාවිතයට ගන්නා ප්ලාස්ටික් පිගන් කෝප්ප වෙනුවට වීදුරු හෝ පෝසිලේන් වලින් නිමවූ දෑ ආදේශ කිරීම.

මෙලෙස එදිනෙදා කටයුතු වලදී ප්ලාස්ටික් හා පොලිතින් වෙනුවට පරිසර හිතකාමී රෙදි , ලී ,වේවැල් , වීදුරු , මැටි වැනි ද්‍රව්‍ය වලින් නිමවූ භාණ්ඩ භාවිතයට යොමු වීමට ඔබට උත්සාහ කල හැකිය.

නමුත් මෙහෙදී පැනනගින ප්‍රධාන ගැටලුව වන්නේ ආදේශක ද්‍රව්‍ය වලින් නිපදවූ පරිසර හිතකාමී භාණ්ඩ පිලිබදව ජනතාව තුල නිසි අවබෝධයක් නොමැති වීම හා වෙලදපොල තුල එම භාණ්ඩවල ඇති හිගතාවයයි.

මේ සදහා විසදුම් සෙවීමේ අරමුණෙන් අප ZeroPlastic ව්‍යාපෘතිය ආරම්භ කල අතර මෙම ව්‍යාපෘතිය මගින් පරිසර හිතකාමී ආදේශ භාණ්ඩ පිලිබදව ජනතාව දැනුවත් කිරීම හා එවැනි භාණ්ඩ නිපදවීම සදහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම ප්‍රධාන වශයෙන් සිදුකරන්නෙමූ.

අප හා අත්වැල් බැදගෙන ප්ලාස්ටික් වලින් තොර සුන්දර රටක් ගොඩ නැගීමට ඔබටත් දායක විය හැක.

ස්තූතියි.

Plastics and polythene, which are the leading polluters of the environment, are increasingly being used by the general public based on their ease of use.

But as individuals, you can build self-discipline and take different steps to reduce the use of plastics.

As an example

  • Instead of a plastic bottle, you can use a glass, metal or clay bottle to carry water when traveling or going to work.
  • When you go to the market, you can carry a bag made of cloth, reed, cane, etc. instead of a polythene bag.
  • Plastic dishes used at home can be replaced with glass or porcelain ones.

In this way, you can try to replace plastic and polythene with commodities manufactured using eco-friendly materials such as fabrics, wood, cane, glass, and clay.

But the main problem here is the lack of awareness among the people about eco-friendly products made from substitutes and the scarcity of those products in the market.

To address this, we have launched the Zeroplastic Project and the main objective of this project is to educate the public on eco-friendly alternative products and to encourage medium-scale enterprises to manufacture such products.

So you are welcome to join hands with us and to build a beautiful plastic-free country.

Thank you.