We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

ලිමිට් දුන්නු කොවිඩ් එක්ක අන්ලිමිටට්ව පරිසරයට ආදරය කරන අපේ කාලේ කලාකරුවා

ලිමිට් දුන්නු කොවිඩ් එක්ක අන්ලිමිටට්ව පරිසරයට ආදරය කරන අපේ කාලේ කලාකරුවා

යම්කිසි රටාවකට අනුව පිළිවෙලකට ගලාගෙන ආ මිනිස් ජීවිත සහමුලින්ම වෙනස් කර දමන ලද ඒ ව්‍යසනය ආරම්භ වී දෙවසරක් ද ගත වී හමාරය. එකම ආකාරයකට , රිද්මයකට ගලා ආ ජීවිතය යම් යම් හේතු මත එයාකාරයෙන්ම පවත්වාගෙන යාමට නොහැකි වන තැන ඇතැමුන් බොහෝ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනුයේ ජීවන මාර්ග බිඳවැටෙන නිසාවෙනි. නමුත් වැටෙන තැනින් නැවුම් ආකාරයකින් යළි නැගි සිටින මිනිසුන් ඉතා ශක්තිමත්ව යළිත් නොවැටෙන සේ වැටුනත් අධෛර්යමත් නොවන සේ ශක්තිමත් වෙති. අද ඔබට කියන්නට යන මේ කතාව තුලත් සිටින්නේ එවන් වූ සුන්දර කලා අධ්‍යක්ෂවරයෙකි.

කලාවට සිතැති , කලාව ජිවිතය කර ගත්තොවුන් හැමදාමත් සිතනුයේ තමාගේ ලාභයටත් වඩා අනෙකාගේ තෘප්තියයි. ඉතින් මෙම සුන්දර මිනිසා ද එවැන්නෙකි.තම සෙනෙහෙවන්ත බිරිඳගේ සහ කල්‍යාණ මිත්‍රයකුගේ මගපෙන්වීම පරිදි නව මානයන් සොයා ගිය ගමනක ප්‍රතිඵලයක් ලෙස ඔහු ක්‍රියේශන් ඩී ආයතනය ආරම්භ කොට තිබේ.නොඑසේ නම් මෙම වසංගත සමය වසන්තයක් කරගැනීමට දැරූ ප්‍රයන්තයක දී ලද ජයග්‍රහණයක් සේ ද මෙය හඳුනාගගත හැක.සාම්ප්‍රදායික ලී කැටයම් ශිල්පයේ සිට නූතනයට ගැලපෙන එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන දැව ආශ්‍රිත නිෂ්පාදන සහ නව නිර්මාණ සමගින් අඩියෙන් අඩිය ඉදිරියට පියවර තබමින් අද වන විට ඔවුන් පැහැදිලි ගමන් මගකට ප්‍රවිෂ්ට වෙමින් සිටිනු දැක බලා ගැනීමට හැකි වනු ඇත.පිය උරුමයෙන් හිමි වූ ලී කැටයම් ශිල්පය චිත්‍රපට පසුතල නිර්මාණ කාර්යය සඳහා පමණක් යොදා ගනිමින් සිටී මෙම කලා අධ්‍යක්ෂවරයා කොවිඩ් සමයේ බිඳ වැටුණු සිනමා කර්මාන්තය සමඟ ඇද නොවැටී නැගී සිටින්නට තෝරා ගත්තේ තමා සහජයෙන් රැගෙන ආ එම හැකියාවයි. සාම්ප්‍රදායික ඇම්බැක්කේ කැටයම් නිර්මාණ රැසක් සමග ඇරඹුණු ක්‍රියේෂන් ඩී වර්තමානය වන විට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ විවිධ මෝස්තර වලින් යුත් කුඩා දරුවන් සඳහා දැවයෙන් නිපදවන ළමා පිඟන් හේතුවෙනි. මෝස්තර හතළිහකට අධික සංඛ්‍යාවක් ද ප්‍රමාණ කිහිපයකින් ද නිර්මාණය වන දැව ආශ්‍රිත ළමා පිගන් වලට අමතරව ක්‍රියේශන් ඩී මුළුතැන්ගේ උපකරණ , බිත්ති සැරසිලි ආදී දැව ආශ්‍රිත නිර්මාණ රාශියක් නිපදවමින් සිටී. අද වන විට මොවුන් රට පුරා සිටින සියලු පාරිභෝගිකයින් වෙත සිය භාණ්ඩ බෙදාහැරීම සිදුකරනු ලබයි.

එමෙන්ම සිය ගමන් මග රෝසමල් ඇති රූ මාවතක් මතින් ආ ගමනක් නොවන බවත් එය ඉතා දුෂ්කර වූ බවත් ඔවුන් පවසා සිටින ලදි.තවද ගුණාත්මක නිර්මාණ හරහා පාරිභෝගික ආකර්ෂණය දිනාගනිමින් ශක්තිමත්ව නැගී සිටිමට මොහුට තම ආදරණීය බිරිද නිබදව ශක්තියක් ලබා දේ. ඒ අනුව තමාට එල්ලවන ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී නව දැක්මකින් ඒ දෙස බලන්නට හැකි නම් නව මානයන් ඔස්සේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාමට එය බාධාවක් නොවන බවට මොවුන් කදිම ආදර්ශයකි. ඒ අනුව පොළොවෙන් පැන නැගී දෑතට පැමිණෙන දැව කැබැල්ලකට ජීවමාන හැඩයක් දෙමින් තම කලා හැකියාවෙන් සුන්දර ව්‍යවසායකයෙකු වී ලොවක් ජයගන්නට නිබදව වෙහෙස දරනා මොවුනට ඒ සදහා ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවායි මම හදවතින්ම සුබ පතන්නෙමි. ලොවක් සොයන්නේ මෙවන් සුන්දර මිනිසුන් ය. එසේනම් ඔබත් පරිසර හිතකාමි සුන්දර මිනිසකු වන්න අදිටන් කොට ගන්න. එවිට ඔබත් ලොවක් ආදරය කරන අමරණීය මිනිසෙකු වනු නොවනුමානය.

අනුපමා උදයංගනී
සමාජ විද්‍යාපීඨය
කැලණිය විශ්වවිද්‍යාලය