Artisan

මග හැරුණු පන් කර්මාන්තයෙන් ජීවන අරගලය ගෙන යන පොළොන්නරුවේ ලාලනී…

මග හැරුණු පන් කර්මාන්තයෙන් ජීවන අරගලය ගෙන යන පොළොන්නරුවේ ලාලනී…

“පාන්දරම ගොස් පන්විල දැකලා …
යාන් වෙලා තිබුපන් උදුරාලා…
මාන් බලන සේ පන් අත පත ගාලා ….
හීන් හීන් පන් තිබුණිය ලීලා….,

පන් කර්මාන්ත අගාධයට යන කාල වකවානුවක පොළොන්නරුව මනම්පිටියේ පදිංචි ලාලනී පුෂ්පිකා මහත්මිය තම ජීවන අරගලය ගෙන යන්නේ මේ කර්මාන්තයත් එක්ක. තම මවගේ ආභාෂයෙන් විවිධ ආකාරයේ පන් පෙට්ටි මල් පෝච්චි අත් බෑග් කුණු කූඩ ආදි විවිධ නිර්මාණය කරමින් රටටත් බරක් නොවී පරිසරයටත් පිළිලයක් නොවී තම පවුලේ වගකීම් කරට ගනිමින් සිදු කරන මේ කාර්යය අපි හිතනවා වගේ සුඵ පටු නම් නොවේ.

පාරිසරික හිතකාමී බවින් මෙන්ම අලංකාරවත් බවින්, සැහැල්ලු බවින්, දිගුකාලීන පැවැත්මෙන්, සුවදායක බවින් සහ ප්‍රියමනාප ස්වභාවයෙන් යුතු දේශීය පන් කර්මාන්තය මෙරට සාම්ප්‍රදායික ජන සමාජය තුළ අනාදිමත් කලක පටන් පවතින්නට ඇතැයි යන්න පොදු පිළිගැනීම වී තිබේ. මාගල්, කලාල, බිත්ති සැරසිලි, දොර ආවරණ, කූඩ, ආණ, මුදල් පසුම්බි, මේස ලාම්පු ආවරණ ආදි දෑ මෙම සාම්ප්‍රදායික කර්මාන්තයේ නිෂ්පාදන වේ.

ගැට පන් වැටකෙයියා තුන්හිරිය පොතුකොළ වැනි පන් වර්ග සොයා ගෙන ඒවා පදමට වේලා ගෙන ඉතාම සංයමයකින් යුතුව කරන මේ රටාවන් වලට, ගතවන කාලයට හරි හමන් වෙළඳපළක්වත් වටිනාකමක් නොමැති එක කණගාටුවට කරුණක්. එනමුදු සියලු අභියෝග වලට මුහුණ දෙමින් තම නෑදැ පුතු සමඟ එකතු වී අන්තර්ජාලයෙන් ඇණවුම් ලබා ගනිමින් ඉතාමත් අපූරු නිර්මාණ පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කරමින් තවත් පියවරක් ඉදිරියට තබන්න සූදානමින් සිටී.

සංචාරක ආකර්ශනය නොඅඩුව මේ පුන්‍ය භූමියට හිමිවුනේ රමණීය සොබාදහම නිසාමයි. එයින් වාසි ලැබ කෘතිම ප්ලාස්ටික් භාවිතයෙන් විනාශ කරන්නේත් මේ මිනිසා විසින්මයි. මේ පරිහානිය අද නොවැළැක්වුවහොත් මතු දිනෙක අපගේ දරුවන් කිනම් ව්‍යසනයන්ට ලක්වේවිද ? අපේ දේශීය පන් කර්මාන්තය අපි ආරක්ෂා නොකර වෙන කවුරු ආරක්ෂා කරන්නද ?

ඔවුන්ගේ නිශ්පාදන මිලදී ගැනීම සඳහා පහත සබැඳියට පිවිසෙන්න.
https://www.zeroplastic.lk/store/pannama/

ධනුශ්කා උදයංගනී
රුහුණු විශ්වවිද්‍යාලය

More projects

Blog

ZEROPlastic Online Platform

The digital platform initiated by ZEROPlastic www.zeroplastic.lk is an online platform that creates a marketplace for the local entrepreneurs who produce p…

1 min read

Projects

Beach Cleaning Project at Mount Lavinia Beach

We initiated a CSR project of beach cleaning in Dehiwela Mount Lavinia area on 10th August 2020 with the participation of volunteers . That urban coastal a…

1 min read