Blog

ප්ලාස්ටික් සහ අපි

plastic and us

සොබාදහමේ ආශ්වාදය විදින අප සෑම කෙනෙකුම සොබාදහමට අසීමාන්තිව ආදරය කල යුත්තේ එය ජීවයේ පැවැත්ම තහවුරු කරන ප්‍රබලම සාධකය නිසාවෙන් සහ මිනිසාද සොබාදහමේ කොටසක් බැවිනි.නමුත් වර්තමානයේ සිදුවන පරිසර විනාශය තුලින් හැගී යන්නේ මිනිසාට තමන්ද එහි කොටසක් බව අමතක වී ඇති බවයි.

පරිසර විනාශයට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික් අවිධිමත් ලෙස පරිසරයට මුදාහැරීමත් ය.1839 දී පොලිස්ටයිරීන් සහ වල්කනයිස් රබර් සොයාගැනීමත් සමග ප්ලාස්ටික් නිෂ්පාදනය සහ භාවිතය අධික විය.එතැන් පටන් අද දක්වා අතිවිශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසයට මුදාහැර ඇති අතර එයින් සිදුවී ඇති පරිසර විනාශය සුළු පටු නොවේ.මිනිසුන්ගේ සහ සත්වයින් ගේ සෞඛ්‍යයට බලපෑම් ඇති කිරීම, ජෛවවිවිධත්වයට හානිවීම,පස දූෂණය,වායු දූෂණය,ජල දූෂණය ඇතුලු ගැටලු ගණනාවකට ප්ලාස්ටික් හේතුවේ.

ශ්‍රීලංකාව මනරම් වෙරල තීරයක් හිමි රටක් වුවත් මෑතකාලීනව අවිධිමත් ප්ලාස්ටික් භාවිතය නිසා වෙරල තීරයට සහ සාගරයට සිදුව ඇති හානිය ඛේදජනකය. අපද්‍රව්‍ය බැහර කසල බදුනක් බවට සාගරය පත්කරගෙන ඇත.විශේෂයෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට එකතුවීම ජෛවවිවිධත්වයට ප්‍රබල තර්ජනයක් වී ඇත.මුහුදු පක්ෂීන්,මුහුදු ක්ෂීරපායින් මෙම ප්ලස්ටික් ආහරයට ගන්නා අතර ඒවා ඔවුන්ගේ උදර කුහරයේ යම් ඉඩ ප්‍රමාණයක් ගනී.මෙය මෙම ජීවීන් මියයාමට හේතුවන අතර මියගිය පසුවද ප්ලාස්ටික් ඔවුන්ගේ උදරය තුල එකතුවී ඇතිබව දක්නට ලැබේ.

මෙතරම් හානියකට හේතු වන ප්ලාස්ටික් තවදුරටත් අප භාවිතා කල යුතුද?ඔබගේ නිවසේ,පාසලේ,සේවා ස්ථානයේ දැනට භාවිතයේ පවතින ප්ලාස්ටික් නිවැරදිව බැහැර කර ප්‍රතිචක්‍රිකරණයට යොමු කර ඒ වෙනුවට දේශීය ආදේශක යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කල යුතුම කාලය එලඹ ඇත.ඒ තුලින් ප්ලාස්ටික් ආනයනය සීමාවන අතර දේශීය ව්‍යවසායන්ට ද අත්වැලද වේ.එසේම රටේ මුදල් රට තුලම ඉතිරි කරගැනීමට එය රුකුලක් වේ.ඒ තුලින් ඔබට,පරිසරයට,රටට,සමාජයට යහපතක් වේ.

මේ අරමුණ බලගන්වන්නට ඔබ එක්විය යුතුම තැන ZeroPlastic සමූහයයි.

ප්ලාස්ටික් වෙනුවට යොදාගත හැකි දේශීය ආදේශක වලින් භාණ්ඩ නිශ්පාදනය කරන ව්‍යවසායන් ඇතුළු ව පරිසරයට ආදරය කරන ප්ලාස්ටික් වලින් තොර යහපත් හෙටක් පතන ඔබ සැමට ZeroPlastic සමග එක්ව ඔබේ දායකත්වය ලබා දියහැක.

ඔබේ ප්‍රථම පියවර තබන්නට Zeroplastic සමග එක්වන්න.

More projects

Blog

Are you ready to say bye to plastics?

We all like to use the best products for our homes. But unfortunately, some are still using plastic items for their homes. Do you know? Plastic can affect …

1 min read

Blog

පොලිතින් වලින් තොර හෙටක්.

මා මෙන්ම ඔබද එදිනෙදා ජිවිතයේ සියලු කර්තව්‍යයකටම පාහේ භාවිතා කරන ලද පොලිතින් කවරයේ විකාශනය පිළිබඳව දැන සිටියාද? 1933 එංගලන්තයේ නෝ(ර්)ත්විච් හි රසායනික පරීක්…

1 min read

Blog

පරිසර විමුක්තිය වෙනුවෙන් ඔබේ දායකත්වය

මනසට නිදහසක් පතන ඔබ මොහොතකට නිදහසේ ඉන්න යැයි පිවිසෙන, සැබැවින්ම නිදහස් යැයි බැලූ පමනින් පෙනන පරිසරයක විමුක්තිය ගැන කතා කිරීම මදක් විහිලු සහගත යැයි ඔබට සිතෙ…

1 min read