We are Online Market of organic fruits, vegetables, juices and dried fruits. Visit site for a complete list of exclusive we are stocking.

Contact

12th Floor, New Building, SLIIT Campus, New Kandy Road, Malabe, Sri Lanka.

+94706060666

info@zeroplastic.lk

www.zeroplastic.lk

Contact us

ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ…

ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ…

“මට මිනිස්සුන්ට කියන්න අවශ්‍ය වුනේ හැමතිස්සෙම ප්ලාස්ටික් කෑල්ලක් ගන්නවා වෙනුවට ඊට වඩා ලස්සන, පරිසර හිතකාමී, කල් පවතින දෙයක් පාවිච්චි කරන්න කියලා”

ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ…..

ඔහුට නිතරම අවශ්‍ය වී තිබුනේ මිනිස්සු එදිනෙදා භාවිතා කරන කුඩා ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට ආදේශන නිෂ්පාදනය කරන්න. ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය සීමා වෙලා ඒ වෙනුවට මිනිස්සු පරිසර හිතකාමී දේ භාවිතා කරනවා දකින්න. මේ සංකල්පය ඇසුරෙන් ඔහු තම රැකියාව කරන අතරතුර ම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළේය.

ප්ලාස්ටික් භාවිතා කිරීම සීමා කිරීමට දරන උත්සාහය අතරතුරම තම සහෝදර පරිසර හිතකාමී කුඩා ව්‍යාපාර වලට සහයක් ‌ලෙස ඔවුන්ගේ නිෂ්පාදන ද තම ව්‍යාපාරය තුළ ප්‍රවර්ධනය කිරීම ඔහුගේ මූලික ම අරමුණයි.

“ප්ලාස්ටික් අවම කරනවා කියලා ඒකට ගහක් කපලා ඒකෙන් දෙයක් හදන්න මට අවශ්‍ය නෑ. මට අවශ්‍ය වුනේ අපතේ යන, කැපිලා ඉවත්වෙන කුඩා ලී වලින් ප්‍රයෝජනයක් ගන්න.” අද ලොවට ඉතා කාලීනම සංකල්පයක් මෙය. මන්ද මිනිස්සු බහුලව ම පරිසරයට මුදාහරින්නේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ භවිතා වන කුඩා දෑ ය.

ඔහුගේ මෙම මහඟු උත්සාහයේ ප්‍රතිඵල ලෙස ඔහුට ම ආවේණික නිර්මාණ රාශියක් ඔහු නිෂ්පාදනය කර ඇත. යතුරු රඳවන (Key Holders), හඳුන්කූරු රඳවන (Incense Stick Holders), මුදු ඇතුළු ආභරණ රඳවන (Jewelry Holders), ඇස් කණ්ණාඩි රඳවන (Spectacle Holders) ආදී එදිනෙදා අවශ්‍ය වන කුඩා උපකරණ රාශියක් ඉතාම අලංකාර ව නිර්මාණය කර ඉතාම සාධාරණ මිලකට ඔහු අලෙවි කරයි.

මෙවැනි ව්‍යාපාර වලට අතහිත දී තව තවත් දියුණු කර ඉදිරියේ දී ලෝකයටම තර්ජනයක් වන ප්ලාස්ටික් සීමා කිරීම අප සියලුදෙනාගේ වගකීමයි.

සෙනාරා සුදසිංහ
වාණිජ්‍ය හා කළමණාකරණ අධ්‍යයන පීඨය
කැළණිය විශ්ව විද්‍යාලය