Blog

පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන් – කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන්

පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන් – කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන්

පරදේසෙකින් ආ කුමරුට පෙම පුදමින්
නෑදෑ සනුහරේටත් පිටුපානු තරම්
ආලය අන්ද හින්දම හිත මුලා කරන්
කුවේණියගෙ සන්තකයම වුනානෙ සුන්

නැගි ඉණිමගට පා පහරක් දෙන්න තරම්
පහත් හිතක් අද කාලෙත් නැත හිගයක්
අතීතයෙන් නොවෙනස්වම පැමිනි ලෙසින්
විජයගෙ ලෙයින් හිමිවෙන්නැති එදා ඉදන්

තම සන්තකේ තිබුනෙද කිසියම්වු දෙයක්
සැකයක් නැතිව පිදු හින්දා සිත පහදන්
ඒ සා විසාලෙට කරලත් කැපවීමක්
විජයට උනා ඇය පෑගෙන දූවිල්ලක්

ඉතින් කොහොම හිතුවත් අපි එදා ඉදන්
වැඩියෙන් හිතුවෙ අපි ගැන විතරයි කෝමත්
පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන්
කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන්

හැකිනම් පුංචි තැනකින් හිත පාදන්න
වැටහෙනු නියතමයි පාරක් වෙනසකට
කවියක් නිසා මෙය මාගෙන් පණ ලබන
පුංචිම ඇරඹුමක් පෙන්වා යමි මෙහෙම

නිවසක් පුරා පිරිලා ඇති ප්ලාස්ටික්
අහිතකරලු සොබාදහමෙ කොයිකාටත්
සොබා අසිරි වනසයි නම් රජෙක් උනත්
අපෙ වාසියට අපි ඇයි මේ තුරුලු කරන්

සොබාදහම සම කෙරුවොත් කුවේණිට
අපිවෙමු විජය නොතැකූ කිසි කෙළෙහිගුණ
අපෙ වාසියම පමණක් සැළකූ සිතින
අපි නොතැකුවෙමු පරිසරයට වෙච්චි වින

ඉතිං සිතා බැලුවොත් බුද්ධිමත් ලෙසින්
ඇයි අපි ගන්නෙ අපෙ තුරුලට ප්ලාස්ටික්
මුල මැද අගට යනකන් ගලපලා හොදින්
අපි වෙමු අද ඉදන් zero ප්ලාස්ටික් ….

විමානි කුමාරසිංහ
ව්‍යවහාරික විද්‍යා පීඨය
රජරට විශ්වවිද්‍යාලය

More projects

Blog

ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු.

අද වන විට අපට නැතිවම බැරි දෙයක් ලෙස මේ පොලිතීන් අවශ්‍යතාව හඳුන්වා දෙන්නට පුළුවනි.කෙසේ නමුත් අපගේ පරිසරය විනාශ වීමටත් ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම පොලිතීන් .…

2 min read

Artisan

මග හැරුණු පන් කර්මාන්තයෙන් ජීවන අරගලය ගෙන යන පොළොන්නරුවේ ලාලනී…

“පාන්දරම ගොස් පන්විල දැකලා … යාන් වෙලා තිබුපන් උදුරාලා… මාන් බලන සේ පන් අත පත ගාලා …. හීන් හීන් පන් තිබුණිය ලීලා…., පන් කර්මාන්ත අගාධයට යන කාල වකවානුවක පොළ…

1 min read

Blog

ZEROPlastic Online Platform

The digital platform initiated by ZEROPlastic www.zeroplastic.lk is an online platform that creates a marketplace for the local entrepreneurs who produce p…

1 min read