Blog

ගොඩගැහෙන ප්ලාස්ටික් කදු වලින් තොර මාවතක් ගොඩනැගීමට යන ගමනේදි හමුවූ අපූරු මිනිසෙක්

ගොඩගැහෙන ප්ලාස්ටික් කදු වලින් තොර මාවතක් ගොඩනැගීමට යන ගමනේදි හමුවූ අපූරු මිනිසෙක්

මේ වන විටත් පරිසරයට බැහැර කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ගැටලු රැසකට මුල් පුරුක බවට පත්ව ඇත. ඉතින් අද Zero Plastic පිටුවෙන් දිගහැරෙන්න ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට විකල්ප භාණ්ඩ ලෙස භාවිතා කළ හැකි අපේම පාරම්පරික නිෂ්පාදන වල නියැලෙන නිපැයුම්කරුවෙකු වන අපේම මිනිසෙකු ගැනයි.

ඔහු නමින් ඩබ්ලිව්.එච්. උපාලිය. පොලොන්නරුවේ මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින උපාලි මහතා තම පරම්පරාවෙන් පැවත එන වේවැල් හා පන් ආශ්‍රිත නිෂ්පාදන නිපදවන්නෙකි. විශේෂම කරුණ වන්නේ ඔහු මේ සඳහා කිසිම යන්ත්‍ර උපකරණයක් යොදා නොගෙනමින් තම දෑතේ වීරිය පමණක් යොදා ගනිමින් මෙම අපූර්ව නිර්මාණ වල නියැලීමයි.

වේවැල් හා පන් යොදාගෙන තම පරම්පරාවෙන් ගෙන ආ හැකියාවන් අනුසාරයෙන් සියුම්ව නිපදවන නිර්මාණ ඉතා විචිත්‍ර වගේම සැහැල්ලු සෞඛ්‍ය ආරක්ෂිත පරිසර හිතකාමි නිර්මාණයන් වේ. වේවැල් කූඩු වේවැල් ඉඳි ආප්ප වට්ටි, වේවැල් පුටු, බෑග් ආදී කොට ඇති වේවැල් හා පන් යොදාගෙන නිපදවන මොහුගෙ අපූර්ව නිර්මාණ වලට ඉතා අගනා වටිනාකමක් ද හිමිව ඇත්තේ මොහුගේ සහ මොහුගෙ පවුලේ සාමාජිකයන්ගේ කැපවීම හා දක්ෂතාවය නිසාම ය.

තම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය සහ ඉල්ලුම මත අවශ්‍ය ඕනෑම ආකාරයක වේවැල් හා පන් ආශ්‍රිත නිර්මාණ සිදුකරන්නේ මොහු ඉතාමත්ම කැමැත්තෙනි.

ගොඩගැසෙන ප්ලාස්ටික් අර්බුදයට විසදුම් හොයන කාලවකවානුවක සෞඛ්‍ය ආරක්ෂිත පරිසර හිතකාමි අපේම දේශීය නිර්මාණ අඩපණ වී යන යුගයක අපේ දේවල් වලට පණ දෙමින් අපේ සංස්කෘතිය රැකගන්න මෙවන් මිනිසුන් වෙනුවෙන් ඇගයීමක් අපකළ යුතු නොවේද?. ඔබ ගන්නා ප්ලාස්ටික් භාණ්ඩයක් වෙනුවෙන් පරිසර හිතකාමී අපේම දෙයක් භාවිතා කරමින් ඔබේ එක තීරණයකින් දශක ගණනාවකට බලපාන පරිසරයේ ඉරණමක් වෙනස් කරමු.

 

 

කේ.ඩබ්ලිව්. සෞම්‍යා හංසනි
පරිසර සංරක්ෂණ හා කළමනාකරණ විද්‍යා පීඨය
කැලණිය විශ්ව විද්‍යාලය

More projects

Blog

සාගරයට මැදි වූ ප්ලාස්ටික්

සාගරයට ගලා යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩකට වඩා පැමිණෙන් නේ චීනය,ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් පහෙනි. පෙරදිග ආයුර්වේදය, සොබාදහම පි…

1 min read

Blog

ඔන්ලයින් ලෙක්චර්ස් කඳු අතරේ රිදී ඉරක් දුටු ඈ

ලෝකයම වසා ගත් කොරෝනා වසංගතය හමුවේ සැවොම නිවෙස් තුලට කොටු කරමින් ස්වභාව ධර්මය අපට ඉගැන්වූයේ සුලු පටු පාඩමක් නොවේ. එය අපට නැවත හැදෙන්නට දුන් අනගි අවස්ථාවක් ව…

2 min read

Blog

පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන් – කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන්

පරදේසෙකින් ආ කුමරුට පෙම පුදමින් නෑදෑ සනුහරේටත් පිටුපානු තරම් ආලය අන්ද හින්දම හිත මුලා කරන් කුවේණියගෙ සන්තකයම වුනානෙ සුන් නැගි ඉණිමගට පා පහරක් දෙන්න තරම් පහ…

1 min read