Blog

අලිගැට පේර වලින් ප්ලාස්ටික්!

අලිගැට පේර වලින් ප්ලාස්ටික්!

ජෛව ප්ලාස්ටික් යනු ස්වභාවික සම්පත් වලින් සාදන ප්ලාස්ටික් වර්ගයකි. මේවා ප්‍රධාන වශයෙන් ශාක පදනම් කරගෙන නිපදවන බැවින් ඉතා කෙටි කලකින් පොළවට කොම්පෝස්ට් ලෙස දිරාපත් වී එක් වෙයි. එදිනෙදා අපි භාවිතා කරනු ලබන ප්ලාස්ටික් පොලිතීන් බොහොමයක් වාගේ පෙට්‍රෝලියම් වැනි ඛනිජ තෙල් භාවිතයෙන් නිපදවා ඇත. මේවා වසර ගණනාවක් ගත වුවද දිරාපත් නොවී පවතියි. ඒ වගේම මේවා රසයනිකව ප්‍රතික්‍රියා කර අහිතකර විෂ ද්‍රව්‍ය පෘථිවියට එක් කරයි.

ගොඩබිම පමණක් නොව සාගරයද මේ පොලිතින් ප්ලාස්ටික් උවදුරේ ගොදුරක් බවට පත්ව ඇත. මෙම ගැටලුවට සාර්ථක විසදුම් පර්යේෂණ විද්වතුන් විසින් මේ වනවිට සොයාගෙන ඇත.
ඒවා අතරින් ජෛව ප්ලාස්ටික් යනු අති සාර්ථක කඳිම විසඳුමකි.

මුහුදු පෑළෑටි, මත්සයයන්ගේ කොරපොතු මෙන්ම අලි ගැට පේරවල බීජද ජෛව ප්ලාස්ටික් නිපදවීමට යොදා ගනුලැබේ. මෙහිදී සදහන් කරනු ලැබුවේ ශ්‍රීලංකාවේ ජීවත් වන අපට සමීපතම අමුද්‍රව්‍ය කිහිපයකි. නමුත් ලෝකයේ මීට අමතරව බොහෝ ස්වභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිපදවීම් කරනු ලැබේ.

සම්පත් බහුල සාගරයක්, සාරවත් පසක් ඇති පොළවක් අපේ රටට හිමිවී ඇත. අපි තවදුරටත් මෙම සම්පත් වලින් ප්‍රයෝජනයක් නොගෙන මේවා විනාශ වනු පමණක් බලා සිටිනවා ද යන්න ගැන සිතා බැලිය යුතුය.

අලිගැටපේර ශාක වගාවක් පිහිටුවා, එවායෙන් ජෑම්, අයිස් ක්‍රීම්, බීම වැනි කර්මාන්ත පිහිටුවා ආදායම් වගේම රැකියා අවස්ථාද බිහිකරමින් ඉවතලන අලිගැටපේර බීජ භාවීතා කර ජෛව ප්ලාස්ටික් නිපදවා ගැනීමට හැකිනම් එය කොපමණ අගනේ ද ?

ප්ලාස්ටික් පොලිතින් ඉවත් කිරීම ගැන සිතනවා සේම ඒ වෙනුවට සාර්ථක පරිසර හිතකාමී විකල්ප ඉදිරිපත් කිරීමටද Zero Plastic අපි නිහතමානීව කැපවන්නෙමු.

ඔබත් අපහා එක්වී දේශීය දේවල්වලට අගය එකතු කරමින් ලෝකය ආරක්ෂා කර ගැනීමට දායක වෙමු.

More projects

Blog

ප්ලාස්ටික් සහ අපි

සොබාදහමේ ආශ්වාදය විදින අප සෑම කෙනෙකුම සොබාදහමට අසීමාන්තිව ආදරය කල යුත්තේ එය ජීවයේ පැවැත්ම තහවුරු කරන ප්‍රබලම සාධකය නිසාවෙන් සහ මිනිසාද සොබාදහමේ කොටසක් බැවි…

1 min read

Blog

Are you ready to say bye to plastics?

We all like to use the best products for our homes. But unfortunately, some are still using plastic items for their homes. Do you know? Plastic can affect …

1 min read

Blog

පොලිතින් වලින් තොර හෙටක්.

මා මෙන්ම ඔබද එදිනෙදා ජිවිතයේ සියලු කර්තව්‍යයකටම පාහේ භාවිතා කරන ලද පොලිතින් කවරයේ විකාශනය පිළිබඳව දැන සිටියාද? 1933 එංගලන්තයේ නෝ(ර්)ත්විච් හි රසායනික පරීක්…

1 min read