Blog

ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු.

ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු.

 

අද වන විට අපට නැතිවම බැරි දෙයක් ලෙස මේ පොලිතීන් අවශ්‍යතාව හඳුන්වා දෙන්නට පුළුවනි.කෙසේ නමුත් අපගේ පරිසරය විනාශ වීමටත් ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම පොලිතීන් .මේ හේතුවෙන් වර්තමාන පොලිතීන් භාවිතය සෑහෙන්න දුරට අවම කරමින් ජීවත් වීමට බොහෝ කතිකාවක් බිහිව තිබේ. මේ සදහා හඳුන්වා දිය හැකි එක් පිලියමක් ලෙස හණ නිශ්පාදන භාවිතය දැක්වීමට පුළුවනි .

මොනවාද මේ හණ නිශ්පාදන

හණ යැයි පලමුව කී විට ” හණ මිටි අදහස්” යන්න මුලින්ම අපගේ සිහියට නැගේ .කෙසේ නමුත් ” හණ ශාකය “ඉතාම වටිනා ශාකයක් ලෙස හදුනා ගැනීමට පුළුවනි . හණ ශාකයේ විවිධ ප්‍රභේද තිබේ .ඒ අතරින් ශ්‍රී ලංකාවේ භාවිතයට ගත හැකි ශාක ප්‍රභේද පිළිබඳ මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනේ .”Furcraea foetida” හෙවත් “green aloe” යන අන්නාසි පත්‍රයට සමාන ස්වරූපයක් ගන්නා එහෙත් පළලින් වැඩි ශාක පත්‍ර පිහිටා තිබෙන ශාකයක් ලංකාවේ හණ ශාකය ලෙස හදුනා ගැනේ . මෙය විදේශීය ශාකයකි.එමෙන්ම “Agave” ශාකයත්.අතීතයේ සිට භාවිතයට ගෙන ඇති නියද ශාකයත් හණ කෙඳි සෑදීමට භාවිතා කර ගැනේ.

හණ කෙදි(නූල්) භාවිතා කර කල හැකි නිෂ්පාදන මොනවාද ?

ගෝනී නූල් පමණක් නොව විලාසිතා බෑග්, සපත්තු, පා පිස්නා, විසිතුරු බඩු, සාරී, පුටු කවර, සැරසිලි, ඇදුම් ආයිත්තම් ආදී නිෂ්පාදන රාශියක් සදහා මෙම හණ කෙදි උපයුක්ත කර ගනී.මෙහිදී විශේෂයෙන්ම පොලීතීන් මලු වෙනුවට නිපදවා ගත හැකි පරිසර හිතකාමි මලු නිපදවා ගැනීමට හැකි වීම ඉතා වැදගත් වේ.සෝදා නැවත නැවත පාවිච්චියට ගත හැකි මේ බෑග් ඉතා ප්‍රියමනාප ලෙස භාවිතයට හැකිවීම ද තවත් වාසියකි ඉතා නිර්මාණශීලි අයුරින් නිෂ්පාදනය කර විලාසිතා වෙළෙඳපොළට ද මෙම බෑග් නිකුත් කර විශාල ආදායමක් ලබා ගැනීමට හැකිය. හණ නිෂ්පාදන ඉතා සැහැල්ලු මෙන්ම මටසිළුටු ගතියෙන් ද යුක්ත වන නිසා බොහෝ දෙනෙක් භාවිතයට ඇළුම් කරති.

මේ නිසා ලංකාවේ හණ වගාව ප්‍රචලිත කර ඒ ආශ්‍රිත නිශ්පාදන භාවිතයට ගැනීම ප්‍රචලිත කිරීම තුළින් මෙරට තුළ පොලිතීන් භාවිතය සෑහෙන දුරකට අවම කර ගත හැකි බව මගේ අදහස යි.එමෙන්ම අමතරව එය රටේ ඒක පුද්ගල ආදායම වැඩි වීමටද හේතුවක් වනු ඇති. එය වඩාත් කාලෝචිත පියවරක් ලෙස ද මෙහිදී සඳහන් කළ හැකිය .

W.M.W. ශශිනි මල්කා ජයවර්ධන
සමාජ අද්‍යන විද්‍යා පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

More projects

Artisan

මග හැරුණු පන් කර්මාන්තයෙන් ජීවන අරගලය ගෙන යන පොළොන්නරුවේ ලාලනී…

“පාන්දරම ගොස් පන්විල දැකලා … යාන් වෙලා තිබුපන් උදුරාලා… මාන් බලන සේ පන් අත පත ගාලා …. හීන් හීන් පන් තිබුණිය ලීලා…., පන් කර්මාන්ත අගාධයට යන කාල වකවානුවක පොළ…

1 min read

Blog

ZEROPlastic Online Platform

The digital platform initiated by ZEROPlastic www.zeroplastic.lk is an online platform that creates a marketplace for the local entrepreneurs who produce p…

1 min read