Blog

වචන වලින් විතරක්ම පුලුවන්ද අපට රටක් දියුණු කරන්න.?

වචන වලින් විතරක්ම පුලුවන්ද අපට රටක් දියුණු කරන්න.?

හවස හතේ ප්‍රවෘති විකාශය ලඟ ඉඳගත්තම එදාට එදාට එදාට පලවෙන ප්‍රවෘති බලන ගමන් අනේ අපොයි, ඇයි ඒ, අපරාදේ, අරයගෙ වරද, සීයා කාලෙ මෙහෙමයි, මුත්තා කාලෙ මෙහෙමයි වගේ අනේක අප්‍රමාණ ආඬපාලි, අටුවා ටීකා ඇහෙන එක මේ දවස් වල හරිම සාමාන්‍ය දෙයක්. එක සිදුවීමක් ඉවරවෙනකොට තවත් සිදුවීමක්. හරියටම කිව්වොත් එක සිදුවීමක් ඉවර වෙනවා නෙමෙයි, අලුත් සිදුවීමක් කරලියට එද්දි අපට පරණ සිදුවීම අමතක වෙලා යනවා. සිංහල ජාතිය කියන්නෙ ඕනම දෙයක් සතියකින් අමතක කරන ජාතියක්ලුනෙ. කටේ තොලේ රහමෙර ටිකක් ගාගත්තම, කට්ටිය එක්කාසුවෙලා වටවෙලා ඉන්න වෙලාවක ජාති ආලෙ ඉහට ගැහුවම කොයි කාට කාටත් රස කර කර තලු මරන්න මතක් වෙන මාතෘකාවක් තමයි “අනේ අපේ රටට වෙලා තියෙන දෙයක්” කියන්නෙ. හැබැයි ඉතින් දෙන්න දෙමාල්ලන්ගෙ රණ්ඩු බත ඉදෙනකන් විතරයිලු වගේ රෑට කාලා නිදාගෙන නැගිටින ටිකට අපේ මිනිස්සුන්ගෙ ජාති ආලෙ අමතක වෙලා යනවා. උදේ ඉඳන් ආයෙමත් සුපුරුදු රූටීන් එක. පුරාජේරුව විරතයි ඉතින්. අතින් අල්ලගත්ත දෙයක් අතෑරලා දාන එක කොච්චර ලේසියෙන් නිදහස ලැබෙන දෙයක් වුනත්, බිමට වැටෙන දේ බිම වැටුන නිස කොයි විදියෙ පන්නරයක් අරන් නැගිටිනවද? ඒ නැගිටින කෙනා කොයිතරම් ශක්තිමත්ද කියන එක අපි හැමවෙලේම හිතන්නෙ අඩු තක්සේරුවෙන්. පණ ඇති හෝ නැති සොබාදහමෙ තියෙන කොයි දේටත් මේ ධර්මතාවය පොදු දෙයක්. ප්‍රතිවාදියාව අවතක්සේරු නොකළ යුතුයි කියන්නෙත් ඒකමයි. අපේ අතින් බිමට ගිලිහිලා යන පොලිතීන් ප්ලස්ටික් කෑල්ලකට උනත් ඒක එහෙමමයි. අතේ ගුලිකරන් හරිම තැනකට හරි විදියට ගිහින් දානවට වඩා ඔහේ ඕනම තැනක බිමට අතාරින එක කරන්න හරිම ලේසි වැඩක්. ඈත ඉතිහාසෙ ඉඳන් මෑත වර්ථමානෙ වෙනකොට අපෙ ලංකාවෙ මිනිස්සුන්ට මෙහෙම උනෙත් ඒකයි. හැමදෙයක්ම ලඟ බලලා ලේසියෙන්, ලාභෙට, තාවකාලිකව, කරන්න බලනවා මිසක් දුර බලලා, ස්ථිරව, හරියට කරන්න කැමති නෑනෙ ඒක කරන්න අමාරු නිසා. සක්ශරතාවය 92% නිසා දෙයියනේ කියලා නොනැවතිල්ලේ කියවන්න නම් පුලුවන්. මේ රූපෙ පේන්නෙත් එහෙම අවස්ථාවක් තමයි. සංචාරක කර්මාන්තෙ ගැන උදම් ඇනුවට කවුරුත් හිතනවද ඇයි ඒ අය ලංකාවට එන්නෙ කියලා. මොකද ඒ අය ලංකාවට එන්නෙ අපිව බලලා යන්න අපිට ආදරේකටද? නෑනෙ. ඒ එන්නෙ අපේ රටේ ලස්සන බලලා යන්නනේ. බලන බලන තැන ප්ලස්ටික්, පොලිතින්, කුණු කඳු ගොඩ ගැහිලා, ඒ දේවල් වල බලපෑමෙන් පරිසර පද්ධති විනාශ වෙලා ලංකාවෙ තියන ස්වභාවික ලස්සන නැත් වෙලා ගියොත් ලංකාවට ලස්සනක් ඉතුරු වෙයිද?. අපේ පුරජේරුකාරයන්ට නොතේරුන ඒ පරදේසක්කාරයන්ට තේරුණ දේ තමා ඒක. ඒ නිසයි ඒ මිනිස්සු ඒ විදියට ඒ අනවශ්‍ය දේවල් ඇහිදල දාන්නෙ. අපේ අය කටේ පෙට්‍රල් ටික ඉවර වෙනකන් කියෝන දේ ඒ මිනිස්සු හරි ලස්සනට, නිහඬව ක්‍රියාවෙන් කරලා පෙන්නනවා. තමන්ට කියලා කිසිම අයිතිවාසිකමක් නැති තැනක කිසිම ලාභයක් බලාපොරොත්තු නොවීම. ඒ මූණක කිසිම මූනිච්චාවක් ගෑවිලාවත් නැති තරම්. එයාල එහෙම කරන්නෙ එයාලම අතින් සල්ලි දීල අරන් ආව වීසා එක වෙනුවෙන්. ඔය වටවෙලා කිසිම ලැජ්ජාවක් බලන් ඉන්න අය අතර හතේ ප්‍රවෘති බල බල කටමැත දොඩවන කීදෙනෙක් ඉන්නවා ඇතිද? රටවල් දෙකක මිනිස්සුන්ගෙ හැදියාව කොයි වගේද කියලා පෙන්නන ලස්සන නිදර්ශනයක් තමයි මේක. ඉතිං ඒ රට එහෙම වෙන්නත් මේ රට මෙහෙම වෙන්නත් වෙන හේතු කාරණා, අටුවාටීකා ඕනිවෙන් නෑනෙ නේද? ඉතින් හිතන එක ඔයාලට භාරයි. වෙන රටක ගිහින් ඒ රටේ තියන හැම නීතියකටම යටත් වෙලා ඉන්න පුලුවන් අපිට, අපේ රටේ නැති නීතියක් වෙනුවෙන් ස්වයං යහපත් රීති මාළාවක් ක්‍රියාත්මක කරන්න බැරි ඇයි? ඒකට අපට සතයක්වත් වියදම් වෙන් නෑ නේද?ඉතින් අපිත් ලස්සනට සුභවාදීව හිතමු. එක සිතිවිල්ලකට පුලුවන් සිතිවිලි දාස්ගාණක් නිර්මාණය කරන්න. එහෙම සිතිවිලි දහස් ගාණකට පුලුවන් අපේ රට ආයෙමත් ගොඩ නගන්න. හරිම ලස්සනට.

විමානී කුමාරසිංහ
ව්‍යවහාරික විද්‍යා පීඨය
රජරට විශ්වවිද්‍යාලය

More projects

Blog

ගොඩගැහෙන ප්ලාස්ටික් කදු වලින් තොර මාවතක් ගොඩනැගීමට යන ගමනේදි හමුවූ අපූරු මිනිසෙක්

මේ වන විටත් පරිසරයට බැහැර කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ගැටලු රැසකට මුල් පුරුක බවට පත්ව ඇත. ඉතින් අද Zero Plastic පිටුවෙන් දිගහැරෙන්න ප්ලාස්ටික් භාණ්ඩ …

1 min read

Blog

සාගරයට මැදි වූ ප්ලාස්ටික්

සාගරයට ගලා යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩකට වඩා පැමිණෙන් නේ චීනය,ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් පහෙනි. පෙරදිග ආයුර්වේදය, සොබාදහම පි…

1 min read

Blog

ඔන්ලයින් ලෙක්චර්ස් කඳු අතරේ රිදී ඉරක් දුටු ඈ

ලෝකයම වසා ගත් කොරෝනා වසංගතය හමුවේ සැවොම නිවෙස් තුලට කොටු කරමින් ස්වභාව ධර්මය අපට ඉගැන්වූයේ සුලු පටු පාඩමක් නොවේ. එය අපට නැවත හැදෙන්නට දුන් අනගි අවස්ථාවක් ව…

2 min read