Blog

මුහුදු පෑළෑටි මගින් ප්ලාස්ටික් නිපදවිය හැකි බව ඔබ දැන සිටියාද?

මුහුදු පෑළෑටි මගින් ප්ලාස්ටික් නිපදවිය හැකි බව ඔබ දැන සිටියාද?

වර්තමානය තුලදී පරිසර දූශණය සිදුවීමට ප්‍රධාන හේතු සාධකය බවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය පත්වී ඇත. ඒ සඳහා නිසි විසඳුමක් ලබා දෙන තෙක් මිනිසා සහ ප්ලාස්ටික් අතර ඇති බැදීම ඉවත් කල නොහැකිය. බොහෝ විද්‍යාර්ථීන් මේ සඳහා විවිධ විසදුම් සොයා ගනු ලැබූ අතර ඒ අතරින් සාර්ථකම විසදුමක් ලෙස ජෛව ප්ලාස්ටික් හැදින්විය හැකිය.

ජෛව ප්ලාස්ටික් යනු පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සාදන ලද ජෛව හායනයට ලක්විය හැකි ද්‍රව්‍යයක් වේ. ප්‍රධාන වශයෙන් ශාක,සත්ව සහ ඉවතලන ආහාර ද්‍රව්‍ය වලින් ජෛව ප්ලාස්ටික් නිශ්පාදනය සිදු කරනු ලැබේ. නමුත් මේ වනවිට මුහුදු පැලෑටි මගින්ද ජෛව ප්ලාස්ටික් නිශ්පාදනය සිදු කල හැකි බව පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත.

ශ්‍රි ලංකාව යනු සම්පූර්ණයෙන්ම සාගරයෙන් වටවූ දූපතක් වන බැවින් මුහුදු පැලෑටි වලින් ජෛව ප්ලාස්ටික් නිශ්පාදනය කිරීම, ප්ලාස්ටික් වලින් තොර ශ්‍රිලංකාවක් නිර්මාණය කර ගැනීම සදහා වටිනා විසදුමකි. විදේශීය රටවල් බොහෝමයක් මුහුදු පැලෑටි වලින් ජෛව ප්ලාස්ටික් නිශ්පාදනය සිදු කරනු ලබන අතර එය ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සදහා සාර්ථක පිලියමක් බවට තහවුරු වීද ඇත. ශ්‍රී ලංකාව තුල මුහුදු පැලෑටි වගාව සිදු කරනු ලැබූවද ඉන් බොහෝ ප්‍රතිලාභ ලබන්නෙ විදේශීය රටවල් වේ. ශ්‍රී ලංකාව තුල මුහුදු පැලෑටි වගාව තව දුරටත් පුළුල් කරමින් ඒවා ආශ්‍රිතව නිශ්පාදන රට තුල ප්‍රචලිත කිරීම තුලින් පරිසර දූෂණය පමණක් නොව දේශීය නිශ්පාදන වලින් ස්වයංපෝෂිත රටක් ගොඩනැගීමට හැකි වේනම් එය කෙතරම් අගනේද?

ප්ලාස්ටික් වලින් තොර අනාගතයක් නිර්මානය කිරීමට මෙන්ම ඒ සඳහා සාර්ථක විසදුම් ලබා දීමට Zero Plastic අපි නිහතමානිව කැපවෙන්නෙමු. ඔබත් අප හා එක්වී ප්ලාස්ටික් වලින් තොර හෙටක් ඇති රටක් නිර්මාණය කිරීමට දායක වෙමු!!

More projects

Blog

අවැසි කල එක්ව සොබාදම රැකගනිමු

සොබාදහමේ ආශ්වාදය විදින අප සෑම කෙනෙකුම සොබාදහමට අසීමාන්තිව ආදරය කල යුත්තේ එය ජීවයේ පැවැත්ම තහවුරු කරන ප්‍රබලම සාධකය නිසාවෙන් සහ මිනිසාද සොබාදහමේ කොටසක් බැවි…

1 min read

Blog

ස්වයංවිනයක් ගොඩනගා ගනිමින් ප්ලාස්ටික් භාවිතය අවම කරමු

පරිසර දූෂකකාරක අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ප්ලාස්ටික් හා පොලිතින්, භාවිතයේ පහසුව මූලික කරගනිමින් වැඩි වශයෙන් භාවිතයට ජනතාව පෙලඹී ඇත. නමුත් තනි තනි පුද්ගලය…

2 min read