Blog

පොහොය දින සහ ප්ලාස්ටික්

පොහොය දින සහ ප්ලාස්ටික්

සමරන්න වප් පෝය…
නොමැතිව ප්ලාස්ටික් ගොන්නක්…

පෝය කියද්දිම බෞද්ධ අපිට මතක් වෙන්නේ පන්සල…මොකද මාසෙකට එක දවසක් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලින් ටිකක් මිදිලා..විඩාබර මනසට දහම් පණිවිඩයක් අසන්නට වෙන් වුණු දවසක් තමයි මේ පෝය දවස.

ඉතින් මේ වප් පෝය දවසෙත් අපි ගොඩක් අය හිමිදිරි උදෑසනම සුදුවතින් සැරසිලා සිල් සමාදන් වෙන පන්සල යනවා.තවත් සමහරු පන්සලට ගිහින් නොයෙක් ආකාරයේ වැඳුම් පිදුම් කරනවා. මොකද බෞද්ධ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් පදයක් අපි සවනට වැටෙන කොටම දැන් ඉන්නේ මහ අමුතුම සහනයක් .එහෙත් අපි කීයෙන් කී දෙනාද උන්වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හැඩගහ ගන්න උත්සහ කරන්නේ ….අන්න එතනයි බෞද්ධ අපිට වැරදුනේ ..

අපි උදාහරණයක් විදියට මෙහෙම හිතමුකො …අපේ බුදු හාමුදුරුවෝ විටෙක මහා පරිසරවේදියෙක්..අපි පරිසරය ලස්සනට තියා ගත යුතු ආකාරය, ලස්සනට තියෙන පරිසරයක වටිනාකම හරි අපූරුවට දේශනා කරනවා..ඒත් උන්වහන්සේ දේශනා කරපු ඒ උතුම් බණ පදයක් අහන්න අපි පන්සලේ බණ මඩුවේ ඉඳ ගන්නෙම පොලිතින් කොළයක් එලලා … එහෙමත් නැත්තං බිම ඉඳගන්න අමාරු අපේ වයසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඉඳගන්නේ ප්ලාස්ටික් පුටුවක…මේ ප්ලාස්ටික් පොලිතින් කියලා කියන්නේ අපේ සුන්දර පරිසරය විනාශ කරන්නට ආපු මාරයෙක් කියන එක ඇයි අපිට හිතන්න බැරි …ඇයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උත්තරීතර දහම මේවා පෝය දවසෙදීවත් ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගන්න බැරි …
අපි තව ටිකක් හිතල බැලුවොත් පෝය දවසේ ගණ අඳුර නසාලන්නට පොල්තෙල් පහනක් පත්තු කරන්නට පන්සලේ පහන් වැට ගාවට යන අපි, පොල් තෙල් ටික දාගෙන ගිහින් තියෙන්නේ ප්ලාස්ටික් බෝතලයක..පහන්තිර ටික තියෙන්නේ පොලිතීන් කවරයක..හඳුන්කූරු ටික තව පොලිතීන් කවරයක..ඒ මදිවට ඒ ඔක්කොම බඩු ටික දාගෙන ගිහින් තියෙන්නෙ ප්ලාස්ටික් බෑග් එක එහෙම නැත්නම් පොලිතින් මල්ලක …ඒවා අපි පාවිච්චි කරන ඉවරවෙලා එක්කෝ එතනම බිම දානවා ..එහෙමත් නැතිනම් ගෙදර ඇවිල්ලා ඔහේ විසික්කරලා …අන්තිමේ මේ කොහොම එකතු උනාම පරිසරය විනාශ කරන මහා කුණු කන්දක් ..ඉතින් බෞද්ධයන් වන අපට ..බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයන් වන අපට ඇයි බැරි මේ…ප්ලාස්ටික් පොලිතින් වෙනුවට දිරන යමක් පාවිච්චි කරන්න…ඒත් අපඑක් අපිට බුදු දහමේ අනිත්‍ය බව උනත් තේරුම් ගන්න ගොඩක් හොඳ කාරණයක් වෙයි ..

එහෙනම් ඇයි අපි තවත් කල් ගත කරන්නේ ..උතුම් වප් පොහොය දවසේ ඉඳන් ප්ලාස්ටික් පොලිතීන් ගොන්නක් එකතු කරගෙන පින් කරන්න යන්නේ නැතුව අපිට පුළුවන් විදිහට ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවම කරගෙන මේ වප් පොහොය සමරන්නට අදිටන් කරගනිමු ..ලෝකවාසී සියලුම දෙනාට රෝග බිය දුරු වූ උතුම් වප් පොහොයක් ප්‍රාර්ථනා කරමු 🙏🙏 ඒ zeroplastic අපේ එකම පැතුමයි 🙏🙏

ආර්.එම්.සඳුනි තිලෝක්ෂිකා
ව්‍යවහාරික විද්‍යා පීඨය
රජරට විශ්වවිද්‍යාලය

More projects

Artisan

ජීවන වෘත්තීය පවා වෙනස් කල පුංචි තෑග්ග…

මෙවර Zeroplastic වෙතින් ගෙන එන්නේ ස්වඋත්සහයෙන් ම අජීවී වස්තුවකට හරි අපූරුවට කලාවක් මුසු කරන කලාත්මක දෑතක් සහිත නිර්මාණශීලි,දක්ෂ පුද්ගලයකු ගැනයි. ඔහු නෙවිල්…

2 min read

Blog

ප්ලාස්ටික් වලින් ගත සරසමුද?

ඔබත් පාවිච්චි කිරීමෙන් අනතුරුව ප්ලාස්ටික් බෝතල් විසිකරනවද?ප්ලාස්ටික් බෝතල් නිසා සිදුවන පාරිසරික හානිය ගැන කනස්සල්ලෙන්ද? එසේනම් මේ සටහන ඔබ මෙන්ම ඒ ගැන සිතා …

1 min read

Artisan

මුළුතැන්ගෙට නව මානයක් එක්කළ දිරිය කත

ප්ලාස්ටික් වලින් තොර දේශයක් උදෙසා නිරතුරුව කටයුතු කරන Zeroplastic අපේ මේ සූදානම තම ආදරණීය සැමියාගෙන් ලද ආභාසයෙන් පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක හිමිකාරිනියක් …

2 min read