Blog

ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ…

ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ…

“මට මිනිස්සුන්ට කියන්න අවශ්‍ය වුනේ හැමතිස්සෙම ප්ලාස්ටික් කෑල්ලක් ගන්නවා වෙනුවට ඊට වඩා ලස්සන, පරිසර හිතකාමී, කල් පවතින දෙයක් පාවිච්චි කරන්න කියලා”

ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ…..

ඔහුට නිතරම අවශ්‍ය වී තිබුනේ මිනිස්සු එදිනෙදා භාවිතා කරන කුඩා ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට ආදේශන නිෂ්පාදනය කරන්න. ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය සීමා වෙලා ඒ වෙනුවට මිනිස්සු පරිසර හිතකාමී දේ භාවිතා කරනවා දකින්න. මේ සංකල්පය ඇසුරෙන් ඔහු තම රැකියාව කරන අතරතුර ම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළේය.

ප්ලාස්ටික් භාවිතා කිරීම සීමා කිරීමට දරන උත්සාහය අතරතුරම තම සහෝදර පරිසර හිතකාමී කුඩා ව්‍යාපාර වලට සහයක් ‌ලෙස ඔවුන්ගේ නිෂ්පාදන ද තම ව්‍යාපාරය තුළ ප්‍රවර්ධනය කිරීම ඔහුගේ මූලික ම අරමුණයි.

“ප්ලාස්ටික් අවම කරනවා කියලා ඒකට ගහක් කපලා ඒකෙන් දෙයක් හදන්න මට අවශ්‍ය නෑ. මට අවශ්‍ය වුනේ අපතේ යන, කැපිලා ඉවත්වෙන කුඩා ලී වලින් ප්‍රයෝජනයක් ගන්න.” අද ලොවට ඉතා කාලීනම සංකල්පයක් මෙය. මන්ද මිනිස්සු බහුලව ම පරිසරයට මුදාහරින්නේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ භවිතා වන කුඩා දෑ ය.

ඔහුගේ මෙම මහඟු උත්සාහයේ ප්‍රතිඵල ලෙස ඔහුට ම ආවේණික නිර්මාණ රාශියක් ඔහු නිෂ්පාදනය කර ඇත. යතුරු රඳවන (Key Holders), හඳුන්කූරු රඳවන (Incense Stick Holders), මුදු ඇතුළු ආභරණ රඳවන (Jewelry Holders), ඇස් කණ්ණාඩි රඳවන (Spectacle Holders) ආදී එදිනෙදා අවශ්‍ය වන කුඩා උපකරණ රාශියක් ඉතාම අලංකාර ව නිර්මාණය කර ඉතාම සාධාරණ මිලකට ඔහු අලෙවි කරයි.

මෙවැනි ව්‍යාපාර වලට අතහිත දී තව තවත් දියුණු කර ඉදිරියේ දී ලෝකයටම තර්ජනයක් වන ප්ලාස්ටික් සීමා කිරීම අප සියලුදෙනාගේ වගකීමයි.

සෙනාරා සුදසිංහ
වාණිජ්‍ය හා කළමණාකරණ අධ්‍යයන පීඨය
කැළණිය විශ්ව විද්‍යාලය

More projects

Blog

වචන වලින් විතරක්ම පුලුවන්ද අපට රටක් දියුණු කරන්න.?

හවස හතේ ප්‍රවෘති විකාශය ලඟ ඉඳගත්තම එදාට එදාට එදාට පලවෙන ප්‍රවෘති බලන ගමන් අනේ අපොයි, ඇයි ඒ, අපරාදේ, අරයගෙ වරද, සීයා කාලෙ මෙහෙමයි, මුත්තා කාලෙ මෙහෙමයි වගේ අ…

3 min read

Blog

ගොඩගැහෙන ප්ලාස්ටික් කදු වලින් තොර මාවතක් ගොඩනැගීමට යන ගමනේදි හමුවූ අපූරු මිනිසෙක්

මේ වන විටත් පරිසරයට බැහැර කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ගැටලු රැසකට මුල් පුරුක බවට පත්ව ඇත. ඉතින් අද Zero Plastic පිටුවෙන් දිගහැරෙන්න ප්ලාස්ටික් භාණ්ඩ …

1 min read

Blog

සාගරයට මැදි වූ ප්ලාස්ටික්

සාගරයට ගලා යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩකට වඩා පැමිණෙන් නේ චීනය,ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් පහෙනි. පෙරදිග ආයුර්වේදය, සොබාදහම පි…

1 min read