Blog

ප්ලාස්ටික් වලින් ගත සරසමුද?

ප්ලාස්ටික් වලින් ගත සරසමුද?

ඔබත් පාවිච්චි කිරීමෙන් අනතුරුව ප්ලාස්ටික් බෝතල් විසිකරනවද?ප්ලාස්ටික් බෝතල් නිසා සිදුවන පාරිසරික හානිය ගැන කනස්සල්ලෙන්ද?

එසේනම් මේ සටහන ඔබ මෙන්ම ඒ ගැන සිතා බලා තවත් පියවරක් ඉදිරියට තැබූ අපූර්ව ව්‍යාපාරයක් ගැනයි.

2010 වර්ෂයේදී උතුරු කැරොලිනාවේ ක්‍රීඩාලෝලි, හා පරිසර හිතකාමි සුමිතුරන් දෙපළක් වන Bill Johnson සහ John Riddle විසින් “Recover” නම් වූ ප්ලාස්ටික් වලින් ඇදුම් නිෂ්පාදනය කරන ව්‍යාපාරය අරඹන ලදි. මෙම තිරසර ව්‍යාපාරය ගංගා, සාගර වල ජල දූෂණයට මෙන්ම භූමි දූෂණයට හේතු වන පරිදි සිදුවන පොලීතීන් බැහැර කිරීම අවම කිරීමට එහා ගිය සමාජ ව්‍යාපාරයකි. තමා ජීවත්වන පරිසරය රැක ගැනීම උදෙසා තමාටම දායක වීමට පුරවැසියාට ඉඩ සලසන්නකි.

ප්‍රථමයෙන් ම පෙර භාවිතා කරන ලද ප්ලාස්ටික් බෝතල් එකතු කර ඒවයේ ලේබල් ආදිය ගලවා කර්මාන්තශාලා වලින් ඉවත දමන ලද කපු සමග මෙන්ම පොලියෙස්ටර් සමග මිශ්‍රකර අඹරා කෙදි නිපදවා ගැනේ. මෙහිදී වර්ණය අනුව වෙන්කිරීමද සිදු කෙරේ.
දෙවනුව එම කෙදි වලින් නූල් කැටීම සිදුකර එම නූල් වලින් රෙදි විවීම සිදු කෙරේ.අනතුරුව විවිධ වූ විලාසිතාවන් වලින් ඇදුම් නිෂ්පාදනය කෙරේ.කාබන් විමෝචනය අඩු කිරීමට මෙන්ම ප්‍රාදේශීය වශයෙන් රැකියා ඇතිකිරීම, ප්‍රාදේශීය අධ්‍යාපනයට හා සමාජයට ප්‍රබල බලපෑමක් ඇතිකිරීමට තරම් මෙම ව්‍යාපාරය අද වන විට දියුණු තත්ත්වයක පවතී. සාම්ප්‍රදායික නිෂ්පාදකයා හා සසඳා බලන විට “Recover” නිෂ්පාදන ක්‍රියාවලියේ හරිතාගාර වායු විමෝචනය 35%කින් අවම වන අතර බලශක්ති භාවිතය 66% කින්ද ජල භාවිතය 55% කින්ද අඩුවේ. එමෙන්ම ඔවුන් තම නිෂ්පාදන ක්‍රියාවලියේ දීද හැකිතාක් ඉවතලන දේ භාවිතාවට ගනී.
අභියෝග යනු සෑම විටම නව අවස්ථාවකි. එහෙයින් පරිසර දූෂණයට ඉවහල් වන ඉවත දමන ප්ලාස්ටික් යනුද නවෝත්පාදනයන් සඳහා භාවිතා කළ හැකි වටිනා අමුද්‍රව්‍යයකි.අලුතින් සිතමු. වෙනස් වෙමු.පරිසරය සුරකිමු

අවන්ති ජයකොඩි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

More projects

Artisan

මුළුතැන්ගෙට නව මානයක් එක්කළ දිරිය කත

ප්ලාස්ටික් වලින් තොර දේශයක් උදෙසා නිරතුරුව කටයුතු කරන Zeroplastic අපේ මේ සූදානම තම ආදරණීය සැමියාගෙන් ලද ආභාසයෙන් පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක හිමිකාරිනියක් …

2 min read

Blog

ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් උපදෙසක්…

අතීතයේ මිනිසුන් පරිසරය සමඟ බොහෝ සබඳතා පැවත් වූ, පරිසරය තුළින් පෝෂණය වූවන් වෙති. ඔවුන් පරිසරයට බොහෝ සේ ඇලුම් කළ අතර එයට කිසිදු හානියක් සිදු කිරීමට නොසිතූහ. …

2 min read

Artisan

Warna creations පසුබිම් කතාව

වෛරස හෑම මීටරයේ < දුර > තියලා ඇතැමෙක් නොදුටු පැති හරිහැටි හරවාලා කර්මයෙ පුවත ටොකු ලෙස ඉඟි කරවාලා සත්‍යයකි, නැතිය පණ තරමට මිණි මාලා ආදර සොබා මව් වෙත සිත් අද…

2 min read