Blog

පරිසර විමුක්තිය වෙනුවෙන් ඔබේ දායකත්වය

පරිසර විමුක්තිය වෙනුවෙන් ඔබේ දායකත්වය
මනසට නිදහසක් පතන ඔබ මොහොතකට නිදහසේ ඉන්න යැයි පිවිසෙන, සැබැවින්ම නිදහස් යැයි බැලූ පමනින් පෙනන පරිසරයක විමුක්තිය ගැන කතා කිරීම මදක් විහිලු සහගත යැයි ඔබට සිතෙනු ඇත.
ඇත්තෙන්ම පරිසරය නිදහස් ද?

ලක්ශ්මන් කදිරගාමර් ආයතනයේ වර්තාවකට අනුව ලංකාව වසරකට 1.5 ටොන් මිලියනයක් වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැරට මුදාහරී.එසේ බැහැර වන ප්‍රාමානයෙන් නිසි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවකට යොමු නොවන ප්‍රමානය සෘජුවම එක්වන්නේ අප නිදහස් යැයි දකිනා පරිසරයටය . එහි බලපෑම කොතරම් විශාලද යත් දකුනු වෙරල තීරයේ වැලි සාම්පල් පරික්ශාවකින් අනතුරුව සොයා ගත්තේ එයින් 60% ක්ම අන්තර්ගතව ඇත්තේ ක්ශුද්‍ර මයික්‍රෝ ප්ලාස්ටික් බවය.

මෙසේ පරිසරයේ නිදහසට අකුල් හෙලන්නන් අන් කවරෙක් නොව අප අපමය.
නමුත් උදෑසන අවදිවීමෙන් පසු ප්ලාස්ටික් දත් බුරුසුවෙන් දත් මැද ප්ලාස්ටික් කෑම පෙට්ටියක් කෑම රැගෙන රැකියාවට ගොස් පොලිතින් බෑගයේ බඩුත් රැගෙන නිවසට එන අපි පරිසර විමුක්තිය ගැන කතා කිරීම නිශ්පලය. එහෙයින් මේ ප්ලස්ටික් Cult එකක් වුන සමය අවසන් කල යුතුම කාලයයී.තමන් ප්ලාස්ටික් භාවිතයෙන් මුලුමනින්ම තෝරබව Cult එක කර ගත යුතුම කාලයයි .

ප්ලාස්ටික් ආදේශක පිලිබද නව්‍ය වූ අදහස් ඇති ඔබ, පරිසර විමුක්තිය ගැන සිතන ඔබ, Cult එකේ Change එකක් පතන ඔබ එක් විය යුතුම තැන ZeroPlastic සමූහයි.

Posted By Thyagi Archana

More projects

Blog

Your contribution to environmental liberation.

You may find it a bit ridiculous to talk about the liberation of the natural environment where the mind seeks freedom and you seem to be truly free, approa…

1 min read

Blog

A plastic-free kitchen

Our kitchens filled with cheap plastic. Isn’t it ugly? Don’t like For a kitchen without plastics? All these are made by our people. we have to buy. let’s f…

1 min read