Artisan

ජීවන වෘත්තීය පවා වෙනස් කල පුංචි තෑග්ග…

ජීවන වෘත්තීය පවා වෙනස් කල පුංචි තෑග්ග…

මෙවර Zeroplastic වෙතින් ගෙන එන්නේ ස්වඋත්සහයෙන් ම අජීවී වස්තුවකට හරි අපූරුවට කලාවක් මුසු කරන කලාත්මක දෑතක් සහිත නිර්මාණශීලි,දක්ෂ පුද්ගලයකු ගැනයි.

ඔහු නෙවිල් වික්‍රමසිංහ මහතා.

බොහෝමයක් දෙනා එදිනෙදා සිය නිවසින් බැහැර කරන පොල්කටු මගින් ඔහු අපූරු වූත් නිර්මාණාත්මක වූත් විසිතුරු භාණ්ඩ වගේම ගෘහ උපකරණ ද නිර්මාණය කරනවා. ඔහුට මේ අදහස පහළ වන්නේ ඔහුට ලැබුන පුංචි තෑග්ගකින්. ඔහු අපිට ඒ කතාව කිව්වෙ මෙන්න මේ විදියට,

දිනක් ඔහුට කුඩා දරුවෙකුගෙන් පොල්කටු වලින් නිම වූ විසිතුරු භාණ්ඩයක් තෑග්ගක් වශයෙන් ලැබෙනවා. ඒ කාලේ ඔහුගේ රැකියාව වුනේ රත්රන් භාණ්ඩ සැකසීම. ටික කාලයක් මේසය මත තිබුන මේ විසිතුරු භාණ්ඩය දිහා හරි ආසවෙන් බලා සිටි නෙවිල් මහත්මයාටත් ඒ පොල්කටුවලින් නිර්මාණයක් කරන්න හිතෙනවා. අත්හදා බැලීමකට වගේ කළ ඒ නිර්මාණයේ අපූර්වත්වය දැකපු ඔහුට,රතරන් කැටයම් කිරීමේ කලාවටත් වඩා පොල්කටු කලාවට හිත ගියා.

ඔබ දන්නවා පසු ගිය දිනවල රත්රන් මිල ඉහළ යත්ම මෙකී නිශ්පාදනවල යෙදුන බොහෝ දෙනා දැඩි අසීරුතාවයකට පත්වුණා. නමුත් ඒ අසීරුතාවයන්ට, අභියෝගන්ට නැවත පෙරළා ප්‍රභල අහියෝගයක් කරන්නට නෙවිල් මහත්මයාට උපකාරී වුනේ අපි ඉවතලන පොල්කටු සහ ඔහු විසින් ම සකසා ගත් උපකරණ කිහිපයක් පමණයි. ඔහු එක්තරා කාසියකින් ද එක් කැපුම් උපකරණයක් තනිවම ම සකසා ගත් බව අපට දැනගන්නට ලැබුණා..

ඔහු කෙතරම් සාර්ථක ද යත් සිය ප්‍රථම වෘත්තීය වෙනුවට, පොල්කටු මගින් නිර්මාණ සැකසීම අද වන විට ඔහුගේ ජීවනෝපාය බවට ම පත්වෙලා තියනවා. ඒ තරම් ම පොල්කටු නිර්මාණ සහ උපකරණ වලට වටිනාකමක් ලබා දෙන්නෙ කවුද?ඇත්තම කීව්වොත් විදේශීයන්ගෙන් ඔහුගේ නිර්මාණ වලට විශාල ඉල්ලුමක් තියනවා. අද වන විට ලාංකිකයන් තුළ ද දේශීය දෑ වෙත ඇල්මක් දක්වන බවක් පේනීගෙන යන නමුත් ප්ලාස්ටික් වැනි තම ජීවිතයට, පරිසරයට අහිතකර කර වූ කෘතිම දේට තවමත් බොහෝ දෙනා ඇදී යන්නේ ලාංකිය මාතාවගෙන් නොමිලයේම ලැබෙන සම්පත්හි වටිනාකම් නොදන්නා නිසයි.

ප්ලාස්ටික් වෙනුවට භාවිතයට ගත හැකි බොහෝ උපකරණ දේශීය අමුද්‍රව්‍ය මගින් නිශ්පාදනය කිරීමට තරම් හැකියාවක්,නිර්මාණශිලීත්වයක් සහිත කලාත්මක නෙත් කලාත්මක දෑත් අපේ රටේ බොහෝමයි. එ නමුත් අවාසනාව නම් එකී දේශීය නිශ්පාදකයන්ට නිසි තැනක් ලබාදීම මෙන්ම ඔවුන්ව අගය කිරීම, දිරිමත් කිරීමක් නිසි ලෙස සිදු නොවීමයි. සෑම ප්‍රදේශයකම සාප්පු සංකීර්ණයන් හි මෙවැනි දේශීය නිශ්පාදනයන්ට වෙන් වූ වෙනම කොටසක් වේ නම් මෙවැනි කර්මාන්ත මගින් ඉහළ ප්‍රතිලාභයක් ලබාගත හැකිබවත් “නෙවිල්”මහතා අපට පැවසුවා.
ඒ අනුව වත්මන් පරපුර ද මෙවන් දේ අගය කිරීමත් එවැනි කලාවන්ට හුරු පුරුදු වීමත් හෙට ලොව වෙනුවෙන් හා සුරක්ෂිත පරිසරයක් වෙනුවෙන් අතිශ්‍ය වැදගත් වන බව නොඅනුමාන වේ.

ජී.කේ.වී නදීකා දර්ශනී
සමාජ විද්‍යා පීඨය,
ජන සන්නිවේදන අධ්‍යන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.

More projects

Blog

ප්ලාස්ටික් වලින් ගත සරසමුද?

ඔබත් පාවිච්චි කිරීමෙන් අනතුරුව ප්ලාස්ටික් බෝතල් විසිකරනවද?ප්ලාස්ටික් බෝතල් නිසා සිදුවන පාරිසරික හානිය ගැන කනස්සල්ලෙන්ද? එසේනම් මේ සටහන ඔබ මෙන්ම ඒ ගැන සිතා …

1 min read

Artisan

මුළුතැන්ගෙට නව මානයක් එක්කළ දිරිය කත

ප්ලාස්ටික් වලින් තොර දේශයක් උදෙසා නිරතුරුව කටයුතු කරන Zeroplastic අපේ මේ සූදානම තම ආදරණීය සැමියාගෙන් ලද ආභාසයෙන් පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක හිමිකාරිනියක් …

2 min read

Blog

ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් උපදෙසක්…

අතීතයේ මිනිසුන් පරිසරය සමඟ බොහෝ සබඳතා පැවත් වූ, පරිසරය තුළින් පෝෂණය වූවන් වෙති. ඔවුන් පරිසරයට බොහෝ සේ ඇලුම් කළ අතර එයට කිසිදු හානියක් සිදු කිරීමට නොසිතූහ. …

2 min read