Blog

ඔන්ලයින් ලෙක්චර්ස් කඳු අතරේ රිදී ඉරක් දුටු ඈ

ඔන්ලයින් ලෙක්චර්ස් කඳු අතරේ රිදී ඉරක් දුටු ඈ

ලෝකයම වසා ගත් කොරෝනා වසංගතය හමුවේ සැවොම නිවෙස් තුලට කොටු කරමින්  ස්වභාව ධර්මය අපට ඉගැන්වූයේ සුලු පටු පාඩමක් නොවේ. එය අපට නැවත හැදෙන්නට දුන් අනගි අවස්ථාවක් වුවත් අපි සැම එය  නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේද? යන්න තවමත් ගැටලුවක්…

කොරෝනාව  හමුවේ ඉගෙනුම ලබන ලොකු කුඩා හැමෝම ඩිජිටල් තිර පාමුල නතර කලේ  විශාල මානසික පීඩනයක් ඉතිරි කරමිනි.  සුවහසක් විද්‍යාර්ථීන්ගේ  සුන්දර විශ්ව විද්‍යාල ජීවිතයද නිවසට සීමා වෙමින් තරුණ සිත් සතන්  තැවුලට පත්වුනත් අඳුර තුලින් ආලෝකය දැකීමට උත්සහ දැරීම නියම විදාර්ථයෙකුගේ ලක්ශනයයි.

එවන් නියම විද්‍යාර්ථයෙක් ලෙසින්, දිනපතා ගොඩගැහෙන මාර්ගගත දේශන, ඇගයීම් පරීක්ෂණ අතරේ වෙහෙසට පත් සිත  සනසවමින් තමාටත්, අවට පරිසරයටත් වැඩදායි නිර්මාණ කාර්‍යයකට අත්පොත් තැබූ  අපේම විදු සොයුරියක වෙනුවෙන් අද Zero Plastic පිටුවේ ඉඩහසර  මෙලෙසින් වෙන්කෙරෙයි.

කැකිරාව ප්‍රදේශයේ ජීවත් වන, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ඇය නමින් ෆියෝනා විජේවර්ධන. නොදිරන පොලි බෑග්, ශොපින් බෑග් වෙනුවට භාවිතා කල හැකි අලංකාර tote බෑග් නිශ්පාදනයක් ඇගේ අතින් නිමවෙන්නේ  පරිසරයටත් ආශිර්වාදයක් වෙමිනි. එය සම්පූර්ණයෙන් රෙදි වලින් මසන ලද නැවත නැවත සෝදා භාවිතා කල හැකි බෑගයකි. එදිනෙදා ගමනට බිමනට, සතිපොල ට වෙලඳ සැලට යන වැඩිහිටියන්ටත්, පාසල් දරුවන්ට අමතර පන්තියට ගෙනයාමට මෙන්ම රැකියාවට යන අයටත්  එකසේ භාවිත කලහැකි වටිනා නිශ්පාදනයක් ලෙස එය හැඳින්විය හැක. ෆියෝනා විසින්ම මසන මෙම බෑග් වල ඉදිරිපස ඇති සිතුවම මඟින් එයට සිත්ගන්නා පෙනුමකුත් ලබා දෙයි. එම සිතුවමද ඇගේ අතින්ම පින්තාරු වීම මෙහි ඇති විශේෂත්වයයි. විද්‍යා උපාධියක් හදාරන ඇය විසින් මෙවන් කලාකාමී අත්කම් නිර්මාණයක් නිපදවීම  කෙතරම් අපූරුද?

මේ වනවිට ඇය අන්තර්ජාලය හරහා සුලුවශයෙන් ඇගේ නිශ්පාදන අලෙවි කරන අතර එය තවදුරටත් පුලුල් කිරීම ඇගේ අරමුණ යි. නමුත් ෆියෝනාගෙ නිශ්පාදන වලට ඇති ප්‍රමුඛ බාධකය වන්නේ අඩු මුදලට ඇති  පරිසරයට විනාශකාරී වන  ප්ලාස්ටික් නිපැයුම් වලට පාරිභෝගිකයා නැඹුරු වීමයි. එනිසා  පූර්ණ අත්කම් නිර්මාණයක් වන මෙය  ප්‍රමාණවත් වූ  මුදලකට අලෙවි  කිරීමේ අපහසුතාවයක් පවතී.

ඇති හැකි, නැති බැරි සියල්ලෝ හුස්ම පොදක් ඉල්ලා ජීවිතය අයදින අවාසනාවන්ත  මොහොතක, ඔබත් මමත් සොබා දහමේ වේවැල් කසාය අපහසුවෙන් වුවත් බොමින් සිටිමු. එහෙයින් මතුවට හෝ නිවැරැදි ව වෙනස් වනවාද යන තීරණය ඔබ සතුයි.

එනිසා අද දවසේ පුංචි ලාභයට අනාගතය බිලි නොදෙමින් පරිසරයත්, අනාගතයත් රකින්නට පෙල ගැසෙන මෙවන්  තරුණ අංකුර වලට  ඉතසිතින්ම අත හිත දෙමු.

නිසංසලා විමර්ශණී
ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය
රුහුණු විශ්ව විද්‍යාලය.

More projects

Blog

පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන් – කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන්

පරදේසෙකින් ආ කුමරුට පෙම පුදමින් නෑදෑ සනුහරේටත් පිටුපානු තරම් ආලය අන්ද හින්දම හිත මුලා කරන් කුවේණියගෙ සන්තකයම වුනානෙ සුන් නැගි ඉණිමගට පා පහරක් දෙන්න තරම් පහ…

1 min read

Blog

ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු.

අද වන විට අපට නැතිවම බැරි දෙයක් ලෙස මේ පොලිතීන් අවශ්‍යතාව හඳුන්වා දෙන්නට පුළුවනි.කෙසේ නමුත් අපගේ පරිසරය විනාශ වීමටත් ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම පොලිතීන් .…

2 min read

Artisan

මග හැරුණු පන් කර්මාන්තයෙන් ජීවන අරගලය ගෙන යන පොළොන්නරුවේ ලාලනී…

“පාන්දරම ගොස් පන්විල දැකලා … යාන් වෙලා තිබුපන් උදුරාලා… මාන් බලන සේ පන් අත පත ගාලා …. හීන් හීන් පන් තිබුණිය ලීලා…., පන් කර්මාන්ත අගාධයට යන කාල වකවානුවක පොළ…

1 min read