Blog

අපි හැමෝම සතිපතා ATM card එකක් කනව කියල දන්නවද..?

අපි හැමෝම සතිපතා ATM card එකක් කනව කියල දන්නවද..?

අපි හැමෝම ආසන්න වශයෙන් සතියකට බැංකු කාඩ් එකක තියන ප්ලාස්ටික් ප්‍රමාණයක් ඇඟට දාගන්නව (5g micro plastic තමයි ATM card එකකට සමාන කරල තියන්නෙ)…Australia වෙ මෑතක කරපු පර්යේෂණයකින් ආව දත්ත වලට අනුව තමයි ඒ….කාරණා බලද්දි ලංකාවෙ හැටියට ඒක බැංකු කාඩ් එකේ ඉඳං පොඩි ප්ලාස්ටික් බේසමක් වගේ වෙන්න උනත් පුළුවං සමහරක් එවුංගෙ චර්යාවෙ විදිහට..🤗🤗

දැං මේ විදිහට ප්ලාස්ටික්‍ අපි ඇඟට දාගන්නෙ plastic micro particles කියන ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර අංශු හැටියට..මේවයින් ඇඟට වෙන හානිය සුළුපටු නෑ…නොම්බර එකේ පිලිකා කාරකයක් වගේම තාම හොයා නොගත්ත ලෙඩරෝග ගොඩකට මේ plastic micro particles වග කියනව…ඇඟේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙන්නත් සෘජුවම බලපානව…
දැං බලමු මේව කොහොමද අපේ ඇඟට එන්නෙ, එහෙම නැත්තං කොහොමද අපි ගේමක් නැතුව ප්ලාස්ටික් කන්නෙ කියල…

1. Bottled water – වැඩිම ප්‍රමානයක් එන්නෙ මේකෙං තමයි…හුඟක් ප්ලාස්ටික් බෝතල් එක පාරක් විතරක් පාවිච්චි කරල විසිකරන්න හදපුවනෙ (disposable).. ලාබෙ වැඩිම කරගන්න නං ප්‍රමිතිය අඩු ප්ලාස්ටික් තමයි ගන්න වෙන්නෙ…ඒකෙදිත් බෝතලේ හැදුන ගමං උණු උණුවෙම ඒකට වතුර පිරවෙනව හුඟක් නිෂ්පාදනාගාර වල..ඊට පස්සෙ මාස ගානක් තිබිල තමයි අපේ අතට එන්නෙ..මේ බෝතල් ඉරඑලියට නිරාවරණය උනාම ප්ලාස්ටික් අංශු මිශ්‍ර වීම තවත් වැඩියි…natural spring water කියල උල්පත් වල ෆොටෝ දාල තිබුනට micro plastic මිශ්‍රණයක් තමයි අපි බොන්නෙ…

2. ආහාර ඇසුරැම් – මේකනං ඉතිං කෙලවරක් නෑ…බත් කොලේ ඉඳං take away boxes, කෑම ගෙනියන පෙට්ටි, රෙජිෆෝම් පෙට්ටි වගේ ජාති තොගයක් තියනව…රත් වෙච්ච කෑම දැම්මම මේ ප්ලාස්ටික් අංශු මිශ්‍ර වීම ඩබල් වෙනව…ප්ලාස්ටික් අසුරන එක්ක microwave කරන එකනං මාරාන්තිකයි කියල කියන්නෙ දැං…ප්ලාස්ටික් බෝතල්වල දාල තියන බීම ජාති (soft drinks, juices, yoghurt, ice cream, etc) වලත් සැලකිය යුතු micro plastic තොගයක් තියනව..මීට අමතරව tea bags අලවන්න ගන්න ප්ලාස්ටික් මිශ්‍ර මැලියම් උණුවතුර එක්ක පෙඟිල එද්දි, ටින් කෑම වලදි (සැමන් වගේ) කෑන් එක ඇතුලෙ ගාලා තියන තුනී plastic තට්ටුවෙන් කෑම වලට එකතු වෙන ප්‍රමාණ, ප්ලාස්ටික් ජෝගු වල වතුර උණු කරද්දි, plastic බෝතල් වල දාපු විනාකිරි, පොල්තෙල්, සෝස් වර්ග, …….මේ ලැයිස්තුවෙ කෙලවරක් නෑ…

3. අවකාශයේ තියන micro plastics – අළුත් වාහනේකට නැග්ගම එන සුවඳ, අළුත් ප්ලාස්ටික් බඩුමුට්ටු වල සුවඳ, පාරෙ යද්දි එන සුවඳවල්…මේ සේරම අර කියන අංශු තමයි නහය හරහා ඇඟට ඇතුළුවෙන…ඇඳුම් වලින් නිකුත් වෙන, අනෙකුත් ගෙදර පාවිච්චි කරන බඩු වලින් නිකුත් වෙන ප්ලාස්ටික් අංශු වලින් පිරැන අවකාශයක අපි ඉන්නෙ..මේ අංශු නහයෙන් වගේම කන බොන කෑම වල තැවරීමෙනුත් ඇඟට ඇතුල් වෙනව..

4. Salt and sea food – ලුණු සහ මුහුදු මාළු, ඉස්සො, දැල්ලො හරහා micro plastics එන්නෙ කොහොමද…? මුහුද කියන්නෙ plastic සහ polythene අපද්‍රව්‍ය වලින් දරැණුවටම දූෂණය වෙච්ච තැනක්නෙ…ලංකාව වටේට තියන මුහුදත් ඒකෙ අංක එකේ දූෂිත තැනක ඉන්නව…මුහුදු වතුරෙන් හදන ලුණු වල ප්ලාස්ටික් අංශු බහුලයි…මුහුදෙන් එන ආහාර වලත් ඒ වගේම තමයි…

මේ තියන්නෙ ප්‍රධානවම ප්ලාස්ටික් අංශු අපේ ඇඟ ඇතුලට රිංගන විදි කීපයක්..මීට අමතරව තමං කරන රස්සාව අනුව, දවස ගෙවන විදිහ අනුව මේ ප්‍රමාණ අඩු වැඩි වෙන්න පුළුවං…මේ හැම දේකින්ම මිදිල කැලෑවක ජීවත් වෙන්නත් බැහැනෙ…දැං බලමු ප්ලාස්ටික් අනුභවය අඩුම කරගන්න පුළුවං විදි ටිකක්…

– Plastic වතුර බෝතල් පාවිච්චිය අවම කරන්න…වීදුරැ/ලෝහ බෝතලේක වතුර ගෙනියන්න…

– Plastic බෝතල්වල දාපු බීම වර්ග බොන්නත් එපා…සීනි නිසා කොහොමත් හොඳ නෑ..බොන්නම ඕනෙ නං වීදුරැ බෝතලේක දාපුව බොන්න..

– වතුර රත් කරද්දි නං plastic භාජන ගන්නම එපා

– කෑම දාද්දි පුළුවං තරං වීදුරැ/ceramic/ලෝහ භාජනම පාවිච්චි කරන්න…ප්ලාස්ටික් ඇසුරැම් වල microwave කරන එක තරං භයානක වැඩක් තවත් නෑ..

– ගෙදරදොරේ පාවිච්චියටත් පුළුවං තරං අඩු plastic ප්‍රමාණයක් ගන්න…plastic කෙඳි වලින් හදපු ඇඳුම් වෙනුවට කපු ඇඳුම් අඳින්න පුළුවංනං..ඇඳුම් වලින් අපේ හුස්මට එකතු වෙන අංශු තමයි වැඩි…

– පුළුවං හැම වෙලාවෙම fasting පාරක් දාන්න…පැය 16/18/20 වගේ නං වඩා හොඳයි…fasting period එකේදි ඇඟ ඇතුලෙ සිද්දවෙන විෂ හරණය (detoxification) නිසා micro plastic සෑහෙන්න ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්..

– Cruciferous කුලයේ එලවළු (ගෝවා, broccoli, රාබු, නෝකෝල්) වලින් ඇඟ ඇතුලට එන කුනුකන්දල් පවිත්‍ර කිරීමක් කරනව…මේ එලවළු ජාති වැඩිපුර කෑමට එකතු කරගන්නත් පුළුවං…

– මුහුදු ලුණු (sea salt) වෙනුවට නිධි වලින් එන ලුණු (rock salt) පාවිච්චි කරන්න පුළුවං..හැබැයි මේක හැමෝටම ප්‍රායෝගික නෑ…මුහුදු මාළු වලට වඩා ඉස්සො, දැල්ලො, oyster වගේ කෑමවල තමයි plastic අංශු වැඩි…ඒත් අපිට තියන විකල්ප සීමිතයි…

අන්තිමටම කියන්න තියන්නෙ අපි සේරම ජීවත් වෙන්නෙ අම්බානට දූෂිත චාටර් ලෝකෙක..සුඛෝපභෝගී ගෙදරක, වාහනේක ඇතුලට වෙලා හිටියට අපිට ඒකෙන් මිදෙන්න බෑ…හුස්ම ගන්නෙ කන්නෙ බොන්නෙ ප්ලාස්ටික් ලෝකයක්…ඇහැට පේන්නෙ නැති කම විතරයි…ඇල් වතුරත් නිවල බොන, පට්ටෙට සෞඛ්‍ය සම්පන්නයි කියල හිතං ඉන්න එවුං පිලිකා රෝහල් ඇතුලට යන්නෙ මේ දේවල් නිසා තමයි…අපි ලඟම තියන හුඟක් අනතුරැ අපි දන්නෙ නෑ..මේ එකක් විතරයි…මේකෙ භයානක කම අපි හිතනවට වඩා හුඟක් වැඩියි..

ප්ලාස්ටික් අපේ ජීවිත වෙලාගෙන තියන තරමට සම්පූර්ණ ගැලවීමක් නෑ… කලිං පෝස්ට් වල වගේ දෙන්න පුළුවං strong recommendations මේකෙදි මගේ ලඟ නෑ…පට්ට අසරණයි…පුළුවං ගානකට පරිස්සං වෙමු…😌😌…මට මෙතන අහුඋනේ නැති දේවල් දන්නවනං බෙදාගන්න…👊🏾👊🏾👊🏾

Join us :  https://www.facebook.com/groups/zeroplastic.lk

Like us :https://www.facebook.com/ZeroPlastic.lk/

 

More projects

Blog

REDUCE, REUSE AND RECYCLE !

It is true that we are using plastics very commonly as it is relatively cheap, water proof, and durable. It makes our lives absolutely convenient. But most…

1 min read

Blog

Rethink before using plastic

Today plastic pollution is a major global problem. The land as well as the ocean are continuously facing this unfortunate situation. We all like the beauty…

1 min read