Artisan

අතරමග නැවතුන රැකියාව නිසා ඉස්මතු වූ ඔහුගේ හැකියාව

අතරමග නැවතුන රැකියාව නිසා ඉස්මතු වූ ඔහුගේ හැකියාව

කොවිඩ් තත්වය හේතුවෙන් අද ලංකාව පමනක් නොව මුලු ලෝකයම දැඩි පීඩාකාරී තත්වයකට මුහුන දෙන අවස්තාවක එම කඩා වැටීම් බිද වැටීම් ශක්තියක් කරගෙන තම රැකියාවද නතර වූවත් හිතට ශක්තිය ගෙන තම දක්ශතා වලින් උපරිම ඵල නෙලා ගන්නා කලානිර්මාණ ශිල්පියෙකු ගැනයි ඔබ අද දැනුවත් වන්නේ.

පුද්ගලයකු තමන් කැමති රැකියාවක නිරත උවත් ඔවුන් තුල යම් යම් ක්ශේත්‍ර වලට තිබෙන හැකියා කිසි දිනෙක අඩු වන්නේ නැත. බාතිය රත්වත්ත මහතාටද තමන් කරගෙන ආ රැකියාව කොවිඩ් තත්වය හේතුවෙන් අතරමග නතර කරන්නට සිදු උන නමුත් ඉන් නොනැවතුනු ඔහු Ideal mind ලෙස තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙලඹුනි. ඔහු තුල පාසල් කාලයේ දී ලී කැටයම් ආදිය පිලිබද තිබූ දක්ශතා,හැකියා යොදා ගනිමින් ඉවතලන ලී කැබලි සොයා නව නිමැවුම් තනන්නට ඔහු ආරම්භ කලේය. පරිසර හානියක් නොකර ඉවතලන කුඹුක්, තේක්ක, ගංසූරිය වැනි ශාක කදන් උපයෝගී කරගෙන සකසන මෙම නිර්මාන ඉතා කෙටි කලක් ඇතුලත මිනිසුන් අතර ඉතා ජනප්‍රිය විය.සමාජ මාධ්‍ය හරහා ඔවුන් තම නිශ්පාදන පිලිබද ජනතාව දැනුවත් කරන්නට අමතක නොකල අතර ඔවුන්ට ලැබෙන ඇනවුම්ද දිනෙන් දින ඉහල යන්නට පටන් ගෙන ඇත.මෙනිසා තවත් සේවකයෙක් තම ව්‍යාපාරයට එකතු කර ගැනීමට ඔහුට හැකියාවක් ලැබුනි. මෙපමන දුරක් සාර්ථක ලෙස තම වියාපාරය සාර්ථක කර ගැනීමට බිරිඳ ගෙන් ලැබුන උදව් උපකාර ශක්තියක් උන බව පවසන්නට ඔහු අමතක නොකලේය.

දිනෙන් දින ජීවිතයට පැමිණෙන බාධක වලට අභියෝග කරමින් දැව ආශිත නිශ්පාදන ඉතා ගුණත්වයෙන් උසස් නිමාවකින් පාරිභෝගිකයන් අතට පත් කරන ඔහුගේ වියාපාරය දිනෙන් දින සාර්ථකත්වයට ලගා වී ඇත.ඉවතලන දැව උපයෝගී කරගෙන නව නිමැවුම් තනන මේ අපූරු ව්‍යවසායකයාට ලෝකයක් ජය ගන්නට අවශ්‍ය ශක්තිය වාසනාව ලැබෙන්නට යැයි මා ප්‍රාර්ථනා කරමි.

සඳුනි සත්සරණි
කළමනාකරණ අධ්‍යන පීඨය
සබරගමුව විශ්ව විද්‍යාලය

More projects

Blog

ප්ලාස්ටික්වලින් තොර දේශයකට පියවර තබමු.

වත්මනේ ඇසූ ඇසූ පුවතින් බැලූ බැලූ දසුනින් ඇසෙන දකින පාරිසරික හා සමාජ පැනයක් බවට ප්ලිස්ටික් අපද්‍රව්‍ය පත්ව තිබේ. ග්‍රාමීය සරල ජන ජීවිත ගමේ දමා නගරයට පිවිසෙන…

2 min read

Artisan

ලිමිට් දුන්නු කොවිඩ් එක්ක අන්ලිමිටට්ව පරිසරයට ආදරය කරන අපේ කාලේ කලාකරුවා

යම්කිසි රටාවකට අනුව පිළිවෙලකට ගලාගෙන ආ මිනිස් ජීවිත සහමුලින්ම වෙනස් කර දමන ලද ඒ ව්‍යසනය ආරම්භ වී දෙවසරක් ද ගත වී හමාරය. එකම ආකාරයකට, රිද්මයකට ගලා ආ ජීවිතය …

2 min read

Blog

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙහි පදක්කම් කතාව

2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පසුගිය අගෝස්තු මාසයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය. එහි ජයග්‍රාහී ක්‍රීඩකයන් හට ප්‍රධානය කරන ලද පදක්කම් සෑදීමට යොදා…

2 min read