Tomorrow without plastic

පොලිතින් වලින් තොර හෙටක්.

මා මෙන්ම ඔබද එදිනෙදා ජිවිතයේ සියලු කර්තව්‍යයකටම පාහේ භාවිතා කරන ලද පොලිතින් කවරයේ විකාශනය පිළිබඳව දැන සිටියාද?
1933 එංගලන්තයේ නෝ(ර්)ත්විච් හි රසායනික පරීක්ෂණයකදී අහම්බයක් ලෙස නිර්මාණය වී, දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාව විසින් රහසිගතව භාවිතා කර, පසු කාලීනව ඉතා වේගයෙන් මුලු ලොව පුරා ප්‍රචලිත වී ගිය මේ පොලිතින් මේ වනවිට පරිසරයට, සතාසීපාවන්ට මේසා විනාශයක් සිදු කරමින් ඇති බව අපි කාටත් නොරහසකි.

මෙම පොලිතින් අර්බුදයට කාලීන විසදුමක් ලෙස පොලිතින් මලු වෙනුවට කඩදාසි,පන්,රෙදි,වේවැල් ආදියෙන් නිමවන ලද මලු භාවිතය ප්‍රචලිත කිරීම කල යුතු බව කාලීන අවශ්‍යතාව කී.මීට අමතරව, වෙළෙඳ සැලෙන්, සුපිරි වෙළෙඳසැලෙන් ලබා දෙන පොලිතින් උර වෙනුවට, නිවසේ භාවිතා කරන රෙදි, කඩදාසි හෝ පන් බෑගයක් රැගෙන යාමට හැකි නම් කෙතරම් අගනේද?

මෙතෙක් සිදු වූ විනාශය වලකාලීමට නොහැකි වුවද , තරුණ පරපුර ලෙස මින් ඉදිරියට හෝ අපගේ අදහස්, ආකල්ප වෙනස් කර ගැනීම තුළින් තිරසාර හෙටක් නිර්මාණය කල යුතු නොවේද ?
ඒ සඳහා Zero plastic අපි පොලිතින් ආදේශක දිරි ගැන්වීමේ මහා කර්තව්‍යය මේවන විටත් දියත් කරමින් පවතින අතර, ඒ සඳහා ඔබටත් ඔබගේ වටිනා දායකත්වය ලබා දිය හැකිය.
නව අදහස් වලින් පිරිපුන් තරුණ තරැණියනි, ඔබගේ වටිනා අදහස්, විසඳුම්, ක්‍රියාත්මක කිරීමට ඇති හොඳම වේදිකාව Zero plastic සමූහයයි.ඔබට අත්වැලක් වන්නට අප සූදානම්,එක්වන්න අප සමඟ ලෝකය දිනවන්නට…

Introducing the ZeroPlastic Commitment Standard – the world’s first certification focused solely on refusing and reducing single-use plastics.

X