ප්ලාස්ටික් ‍Zero වෙන තුන් හෙළයේ හරිත අවුරුදු !!

සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ බාල මහලු කොයි කවුරුත් පුන පුනා බලා සිටින දවසක්. අප්‍රේල් 14 දිනට යෙදෙන අලුත් අවුරුද්ද ජයටම සමරන්න අපේ ඈයෝ ලක ලැහැස්ති වෙන්නේ අප්‍රේල් මාසේ පටන් ගද්දිමයි.හැබැයි ඇත්තටම අපි අවුරුදු සමරනවද ? නැත්තන් පරිසරය වනසනවද ?

අවුරුදු ෂොපින් යන අපි, එක කඩයකට පමණක් සීමා නොවී කෙතරම් නම් කඩවල් ප්‍රමාණයකට යනවද ? ඉතින් ඇත්තටම කෙතරම් නම් ෂොපින් බෑග් ප්‍රමාණයක් ඇඳුම් එක්කම අපි නිවසට ගෙන එනවද ? ඒ විතරක්ම නෙමෙයි අවුරුද්දට අවශ්‍ය බඩු බහිරාදිය සුපර් මාර්කට් එකෙන් මිලදී ගන්න කොට, කැවුම් කොකිස් ආදී රස කැවිලි ඇණවුම් කර ගෙන්වා ගන්නා විට ෂොපින් බෑග් කොයි තරම් නම් ප්‍රමාණයක් ඔබ භාවිතා කරනවද ?පිළිතුරු ඔබට භාරයි.

අවුරුදු කෑම මේසය හරි ලස්සනට සැරසුවත් , කැවුම් කොකිස් බහාලන්නේ ප්ලාස්ටික් දීසි වල නම්, උණුවෙන්ම හදපු කිරිබත් තියෙන්නේ ප්ලාස්ටික් භාජනයක නම් ඇත්තටම මේකද සිංහල අපේ අවුරුද්ද?

අවුරුදු නෑගම් යනකොට බිස්කට් පෙට්ටිය, කේක් ගෙඩිය පොලිතින් උරයක දාගෙන ගිහින් , සුභ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි කියලා සුභ පතලා එන අපි ඇත්තටම පරිසරය ගැන මොහොතකටවත් හිතලද ? අවුරුදු පාර්ටි, අවුරුදු උත්සව වලින් පස්සේ අපේ පරිසරය කොයි තරම් නම් අපවිත්‍ර වෙනවද ?

මේ හැම දෙයක් ගැනම දෙපාරක් හිතන්න කාලය එළඹිලයි තියෙන්නේ.ඉතින් මෙදා අවුරුද්ද ප්ලාස්ටික් , පොලිතින් අවම පරිසර හිතකාමි අවුරුද්දක් කිරීමට අපි හැමෝටම පුළුවන්..පරිසරයට ආදරයෙන් මෙදා දොහේ අවුරුදු සමරමු.

Introducing the ZeroPlastic Commitment Standard – the world’s first certification focused solely on refusing and reducing single-use plastics.

X